Last Update  :  2025-03-10 14:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නාවික හමුදාවට කාල තුවක්කු ප්‍රහාරයක්
අන්තර් සමාජ පළමු පෙළ

නාවික හමුදාවට කාල තුවක්කු ප්‍රහාරයක්

editorial - 2025 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ අටවැනි සතිය යටතේ නාවික හමුදාව සහ යුද හමුදාව අතර අද (31 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 49-22 ක පහසු ජයක් වාර්තා කිරීමට යුද හමුදාව සමත් විය. 

යුද හමුදාව මෙම තරගාවලියේදී ලැබූ තෙවැනි ජය මෙන්ම නාවික හමුදා කණ්ඩායම මෙම තරගාවලියේදී පිට පිටම ලැබූ හත්වැනි පරාජයද මෙය විය. එහිදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් වාර්තා කිරීම හේතුවෙන් යුද හමුදාවට ප්‍රසාද ලකුණක්ද හිමි විය. 

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට දෙපිලම ලකුණු 10-10 ක් ලෙස සම තත්වයේ පසුවිය. කෙසේ වුවත් දෙවැනි අර්ධයේදී යුද හමුදා ක්‍රීඩකයන් තවත් ලකුණු 39 ක් රැස්කරද්දී, නාවික හමුදාවට රැස්කරගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි. 

මෙම තරගයේදී යුද හමුදාව ගෝල දිනුම් 3 ක්, උත්සාහක දිනුම් 5 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් අතර නාවික හමුදාව ලකුණු ලබාගත්තේ ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි. තරගය තුළදී දෙපිලම විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පත බැගින් ලැබීය.

එහිදී යුද හමුදාව වෙනුවෙන් දනිල්ෂ දිසානායක සහ මනෝජ් කුමාර උත්සාහක දිනුම් 3 බැගින්ද, ඉසුරු මැදගෙදර සහ අෂාන් බණ්ඩාර එක් උත්සාහක දිනුම බැගින්ද වාර්තා කළහ. නාවික හමුදාව වෙනුවෙන් තිළිණ වීරසිංහ, දෙනුවන් වික්‍රමාරච්චි සහ සජිත් සේරම් උත්සාහක දිනුම් වාර්තා කළහ. 


අදහස් (0)

නාවික හමුදාවට කාල තුවක්කු ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.