Last Update  :  2025-03-21 20:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පාසල් සත් සාමාජික රග්බි තරග 12 දා පල්ලෙකැළේදී

පාසල් සත් සාමාජික රග්බි තරග 12 දා පල්ලෙකැළේදී

editorial - 2022 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගමේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසින් සංවිධාන  කරනු ලබන ඩයලොග් පාසල් රග්බි සංවර්ධන සත් සාමාජික වයස 14 න් පහළ තරගාවලියේ දෙවැනි අදියර  මෙම මස 12 වැනිදා පල්ලෙකැළේ පිහිටි ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේදී පෙරවරු 8.30 සිට පැවැත්වේ.

ශ්‍රී ලංකාවේදී මෙවැනි වයස 14 න් පහළ රග්බි තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. එහි සමාරම්භක අදියරේදී රත්නපුර ගොඩකවෙල කුලරත්න මධ්‍ය විද්‍යාලය ශූරතාව දිනාගත් අතර කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය විසින් අනු ශූරතාව දිනාගන්නා ලදි.

මෙම තරගාවලිය සෞඛ්‍ය අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නියම කරනු ලබන සෞඛ්‍යාරක්ෂක මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වේ. එහිදී ක්‍රීඩකයන් ඔවුන්ගේ පාසල් විසින් අධීක්ෂණය කරනු ලබන ජෛව ආරක්ෂිත බුබුලක සිටින අතර නියමිත කාල පරාසයන් තුළ ඔවුන් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලටද භාජනය කෙරෙනු ඇත.

තරගාවලිය සඳහා සහභාගිවීම තහවුරු කළ වයඹ පළාත් පාසල් කණ්ඩායම් අතරට ඇතුගල්පුර කුමාර ජාතික පාසල, අස්වැද්දුම විද්‍යාලය, ශ්‍රී සරණංකර සංඝරාජ මහා විද්‍යාලය, ආරක්ෂක සේවා පාසල, ශ්‍රී නිශ්ශංක මහ විදුහල, බණ්ඩාරනායක විද්‍යාලය, බෝයගනේ මහ විදුහල, සහිරා ආදර්ශ මහා විද්‍යාලය සහ වයඹ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහා විද්‍යාලය ඇතුළත් වේ.

නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලය, රංගිරි දඹුලු ජාතික පාසල, හැඳගනාව මහ විදුහල, ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය, අල්-මදීනා ජාතික පාසල, කුරුදුවත්ත රාජකීය විද්‍යාලය, ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය සහ හේවාහැට මධ්‍ය මහ විදුහල මධ්‍යම පළාතෙන් ඊට එක්වන පාසල් වේ.

දඹරාව මහ විදුහල, කැන්දගොල්ල ද්විතීයික පාසල, ගිරාදුරුකෝට්ටේ මධ්‍ය මහ විද්‍යාලය, බණ්ඩාරනායක මධ්‍ය මහ විද්‍යාලය, හද්දත්තාව ජාතික පාසල, ආඳාඋල්පත ජාතික පාසල සහ කුට්ටියගොල්ල මහ විදුහල ඌව පළාත නියෝජනය කරමින් තරගාවලියට එක්වනු ඇත.

ක්‍රිකට්, වොලිබෝල් සහ දැල්පන්දු යන ක්‍රීඩාවන්හි ශ්‍රී ලංකාවේ ජාති කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් ඩයලොග් පුද්ගලික සමාගම කටයුතු කරයි.

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලි, පාසල් ලීග් රග්බි, පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසල් ක්‍රිකට් සහ යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම බලගැන්වීමටද ඩයලොග් පුද්ගලික සමාගම කටයුතු කර ඇත.


-036

 


අදහස් (0)

පාසල් සත් සාමාජික රග්බි තරග 12 දා පල්ලෙකැළේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.