Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පිළිමළුන් පිටුදැකීමේ අවසන් සටන ඉරිදා
අන්තර් පාසල් රග්බි

පිළිමළුන් පිටුදැකීමේ අවසන් සටන ඉරිදා

editorial - 2024 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පළමු කොටසේ අන්තර් පාසල් පිළිළුන් පිටුදැකීමේ  රග්බි තරගාවලියේ සභාපති කුසලාන වෙනුවෙන් පැවැත්වෙන අවසන් අවසන් මහ තරගය මෙම ඉරිදා (15 වැනිදා) පස්වරු 4.15 සිට කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. එහිදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව කොළඹ ඉසිපතන විදුහල තරග බිමට පිවිසීමට නියමිතය. 

ඉකුත් සති අන්තයේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 23-20 ක ජයක් වාර්තා කරමින් ශාන්ත පීතර විදුහල අවසන් තරගයට පිවිසි අතර ඉසිපතන විදුහල අවසන් තරගයට පිවිසියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 25-20 ක ජයක් වාර්තා කරමිනි. 

මෙවර පළමු කොටසේ අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට ක්‍රීඩා කළේද මෙම කණ්ඩායම් දෙකය. කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජ රග්බි ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයේදී  ලකුණු 06-03 ක් ලෙස තියුණු ජයක් වාර්තා කරමින් ශාන්ත පීතරයෝ මෙවර ලීග් රග්බි ශූරතාවට හිමිකම් කීහ. 

අන්තර් පාසල් පිළිළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය 1985 වසරේදී ආරම්භ වී ඇති අතර එතැන් පටන් මේ දක්වා ශූරතා 11 ක් දිනාගනිමින් වැඩිම ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කීමට ඉසිපතන විදුහල සමත්වී තිබේ. ශූරතා 8 කට හිමිකම් කියන ශාන්ත පීතර විදුහල වැඩිම ශූරතා සංඛ්‍යාවක් දිනාගත් විදුහල් අතර දෙවැනි ස්ථානයේ පසුවේ. ඊට ඉකුත් වසරේ (2023) ශූරතාවද ඇතුළත් වේ. 


අදහස් (0)

පිළිමළුන් පිටුදැකීමේ අවසන් සටන ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.