Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ 8 වැනි සතියේ දෙවැනි තරගයේදී සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව පොලිසිය ඉරිදා (13 වැනිදා) පස්වරු 4.00 ට කොළඹ තුරඟ තරග පිටියේදී තරග බිමට පිවිසීමට නියමිතය. මෙවර තරගාවලියේ මූලික වටයේදී සී.එච්. කණ්ඩායම සහභාගි වන අවසන් තරගය මෙය වන අතර පොලිසිය සහභාගි වන 6 වැනි තරගය මෙය වේ.
තරග 5 කට සහභාගි වී ඉන් තරග 2 ක් ජයගෙන, 3 ක් පරාජයට පත්ව සිටින පොලිසිය ප්‍රසාද ලකුණක් සමග ලකුණු 11 ක් ලබා ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ රැදී සිටියි. එබැවින් ඔවුන්ට තරගාවලියේ කුසලාන වටයට සුදුසුකම් ලබාගැනීමට නම් ඉතිරිව ඇති තරග 2 න් එකක් අනිවාර්යෙන්ම ප්‍රසාද ලකුණද සමග ජයගත යුතුව තිබේ. පොලිසිය සහභාගි වන සෙසු තරගය ලබන 19 වැනිදා යුද හමුදාවට එරෙහිව බම්බලපිටිය පොලිස් පිටියේදී පැවැත්වීමට නියමිතය.
මෙවර තරගාවලියේදී නාවික හමුදාව හමුවේ ලකුණු 12-00 කින්ද, හැව්ලොක් ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 21-17 කින්ද, මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 36-23 කින්ද පරාජයට පත් වූ පොලිස් ක්‍රීඩකයෝ, ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 11-03 ක ජයක්ද, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 20-03 ක ජයක්ද වාර්තා කිරීමට සමත් වූහ.
මේ දක්වා තරග 6 කට සහභාගි වී ඉන් තරග 3 ක් ජයගෙන, 3 ක් පරාජය වී ඇති සී.එච්. කණ්ඩායම ප්‍රසාද ලකුණු 5 ක් සමග ලකුණු 20 ක් ලබා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවේ. මේ වන විටත් තරගාවලියේ කුසලාන වටයේ ස්ථානයක් හිමිකර ගෙන සිටීම නිසා මෙම තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් ඉන් සී.එච්. කණ්ඩායමට කිසිදු හානියක් සිදු නොවනු ඇත.
මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 39-03 ක් ලෙසද, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 27-22 ක් ලෙසද, හැව්ලොක් ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 20-17 ක් ලෙසද පරාජයට පත්වූ සී.එච්. ක්‍රීඩකයෝ, ඉන් අනතුරුව නාවික හමුදාවට එරෙහිව ලකුණු 28-22 කද, යුද හමුදාවට එරෙහිව ලකුණු 33-23 කද, ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 22-15 කද ජයග්‍රහණ වාර්තා කරමින් ජය මාවතට අවතීර්ණ වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.