Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මහනුවර ත්‍රිත්ව විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර 78 වැනි වරට පැවැත්වෙන බ්රැඞ්බි පළිහ රග්බි තරගාවලියේ පළමු අදියර හෙට (24 වැනිදා) පස්වරු 4.15 සිට රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. මෙවර තරගාවලියේදී තිවේන් පෙරේරා විසින් රාජකීය විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබන අතර නිත්‍ය නායක අනුහස් කොඩිතුවක්කු ආබාධයකට ලක්වීම හේතුවෙන් උප නායක තිසංග දිසානායක ත්‍රිත්ව විදුහල් කණ්ඩායමේ නායකත්වය දරනු ඇත.
මේ දක්වා පැවැති තරගවාර 77 න් 39 ක් ජයගැනීමට ත්‍රිත්ව විදුහල සමත්ව ඇති අතර රාජකීය විදුහල ඉන් 36 කදී ජය ලබා ඇත. තරග 2 ක් ජය පැරදුමෙන් තොරව අවසන්වී තිබේ. 2020 සහ 2021 යන වසරවලදී කොවිඞ් වසංගතය හේතුවෙන් මෙම තරගාවලිය නොපැවැති අතර ඉන් අනතුරුව පැවැති 2022 සහ 2023 තරගාවලි දෙකම ජයගනු ලැබුවේ රාජකීයයන් විසිනි.
ඒ අනුව අවසන් වරට පැවැති බ්රැඞ්බි පළිහ තරගාවලි 5 දීම (2017 සිට 2023 දක්වා) ශූරතා දිනාගැනීමට රාජකීය විදුහල සමත්ව ඇති අතර ත්‍රිත්ව විදුහල අවසන් වරට එහි ශූරතාවට හිමිකම් කියා ඇත්තේ 2014 වසරේදීය. 2015 වසරේදී පැවැති තරගාවලියේ ජයද රාජකීයයන් සතුවූ අතර 2016 වසරේදී පැවැති තරගාවලිය ලකුණු සම වීම හේතුවෙන් ජය පැරදුමකින් තොරව අවසන් විය.
එහිදී කැපී පෙනෙන සිදුවීමක් වූයේ 2019 වසරේදී පැවැති තරගාවලියේදී පළමු අදියර ලකුණු 34-17 ක් ලෙස ජයගැනීමට රාජකීය විදුහල සමත් වෙද්දී, එහි දෙවැනි අදියරේ ජය ලකුණු 24-13 ක් ලෙස ත්‍රිත්ව විදුහල සතුවීමය. කෙසේ වුවත් අදියර දෙකේම ලකුණු එකතුව සලකා බැලීමේදී ලකුණු 47-41 ක් ලෙස තරගාවලියේ ජය රාජකීය විදුහල සතුවිය.
වැඩිම වාර ගණනකදී පිට පිටම මෙම තරගාවලියේ ශූරතාව දිනා ඇත්තේ ත්‍රිත්ව විදුහලය. 1952 වසරේ සිට 1957 වසර දක්වා කාලය තුළ 6 වරක් බැඞ්බි පළිහ තමන් සන්තකයේ රඳවාගැනීමට ත්‍රිත්ව ක්‍රීඩකයෝ සමත් වූහ. වැඩිම ලකුණු පරතරයකින් මෙම තරගාවලිය ජයගත් කණ්ඩායම ලෙස රාජකීය විදුහල හැඳින්විය හැකි අතර 2002 වසරේදී පැවැති තරගාවලිය ඔවුන් ජය ලැබුවේ 83-00 ක් ලෙසිනි.
මෙවර (2024) පාසල් රග්බි ලීගයේ සුපිරි 4 දෙනාගේ වටයේදී මෙම කණ්ඩායම් දෙක අවසන් වරට මුණගැසුනු අතර එහිදී ලකුණු 22-19 ක තියුණු ජයක් වාර්තා කිරීමට රාජකීය විදුහල සමත් විය. එම තරගාවලියේ මූලික වටයේදී රාජකීය විදුහල තරග 7 කට සහභාගි වී ඉන් තරග 6 ක් ජයගැනීමට සමත් වූ අතර ත්‍රිත්ව විදුහල තරග 7 කට සහභාගි වී ඉන් තරග 5 ක් ජයගැනීමට සමත් විය.
මූලික වටයේදී ‘ඒ-1’ කාණ්ඩයේ දෙවැනියා ලෙසින් සුපිරි 4 දෙනාගේ වටයට පිවිසි රාජකීය විදුහල එහිදී ඉසිපතන විදුහල හමුවේ ලකුණු 24-19 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් විය. ‘ඒ-2’ කාණ්ඩයේ දෙවැනියා ලෙසින් සුපිරි 4 දෙනාගේ වටයට පිවිසි ත්‍රිත්ව විදුහල එහිදී ශාන්ත පීතර විදුහල හමුවේ ලකුණු 37-28 ක් ලෙස පරාජය වෙමින් තරගාවලියේ සිවුවැනි ස්ථානයට පත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.