Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මහනුවර ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර ඉරිදා (27 වැනිදා) නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ අන්තර් සමාජ ලීග් රග්බි තරගය දින නියමයකින් තොරව කල් දැමීමමට ශ්‍රී ලංකා රග්බි සංගමය පියවර ගෙන තිබේ.
තරගය එලෙස කල් දැමීමට සිදුව ඇත්තේ තරගයට පෙර කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදී මහනුවර කණ්ඩායමේ ක්‍රීඩකයන් 8 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබීම හේතුවෙනි. මින් පෙර සිටම මහනුවර කණ්ඩායමේ පුහුණුකරුට සහ ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී තබූ අතර මේ වන විට ඔවුන් සුවය ලබා සිටින බව වාර්තා වේ.
මෙම තරගය කල් දැමීමත් සමග කණ්ඩායම් දෙකටම තවදුරටත් තරගාවලිය තුළ අපරාජිතව සිටීමේ අවස්ථාව උදාවනු ඇත. මේ දක්වා සහභාගී වූ තරග 5 ම ජය ගැනීමට හැව්ලොක් කණ්ඩායම සමත්ව සිටින අතර මහනුවර කණ්ඩායමද සහභාගි වූ තරග 4 න්ම ජය ලබා සිටියි.
තරග 5 න් 2 කදී ප්‍රසාද ලකුණද සමග ජයග්‍රහණ ලබා සිටින හැව්ලොක් ක්‍රීඩකයෝ මේ වන විට ලකුණු 27 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිති. තරග 4 ම ප්‍රසාද ලකුණද සමග ජයගත් මහනුවර ක්‍රීඩකයන්, ලකුණු 24 ක් ලබා ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන්නේ හැව්ලොක් පිලට වඩා ලකුණු 3 ක් පසුපසින් සිටිමිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.