Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි තරගය ලෙස මහනුවර ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය අතර අද (15 වැනිදා) මහනුවර, නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 61-14 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.
පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 27-14 ක් ලෙස පෙරමුණ ගෙන සිටි මහනුවර ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී ප්‍රතිවාදීන්ට එක් ලකුණක් හෝ ලබා නොදෙමින් සිය ලකුණු මල්ලට තවත් ලකුණු 34 ක් එක්කර ගත්හ. එහිදී ගෝල දිනුම් 3 ක් සහ දඬුවම් පහර 2 ක් මගින් මහනුවර ක්‍රීඩකයන් ලකුණු රැස්කරද්දී, ශ්‍රී ලයන්ස් ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ ගෝල දිනුම් 2 ක් මගිනි.
ඉකුත් වසරේදී (2023) දෙවැනි පෙළ රග්බි තරගාවලියේ ශූරයන් බවට පත් වූ ශ්‍රී ලයන්ස් කණ්ඩායම, පළමු පෙළ රග්බි තරගාවලිය යටතේ සහභාගි වූ පළමු තරගය මෙය විය.
තරගයේ 5 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමට ශ්‍රී ලයන්ස් කණ්ඩායමේ ඒරන් ප්‍රනාන්දු සමත් වූ අතර ප්‍රවර්ථනය සාර්ථක කරගත් කෙවින් ඩික්සන් එය ගෝල දිනුමක් බවට පත් කළේය. එතැන් සිට විනාඩි 10 ක් ගතවන විට මහනුවර කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට දිල්ෂාන් ෆරීඩ් සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් තරින්ද රත්වත්තේ කණ්ඩායමේ දෙකේ ලකුණු තත්වය 07-07 ක් ලෙස සම කළේය.
රුමේෂ් රාම්දාස් 19 වැනි විනාඩියේදී ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට කෙවින් ඩික්සන් සමත් වීමත් සමග ලකුණු 14-07 ක් ලෙස ශ්‍රී ලයන්ස් කණ්ඩායම දෙවැනි වරටත් තරගයේ පෙරමුණට පැමිණියේය. එහෙත් 23 වැනි සහ 31 වැනි විනාඩිවලදී මහනුවර කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහර 2 ක් සාර්ථක කරගත් තරින්ද රත්වත්තේ, ඉන් නොනැවතී 26 වැනි විනාඩියේදී ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ 38 වැනි විනාඩියේදී ධනුෂ්ක රන්ජන් ලබාගත් උත්සාහක දිනුම්වල ප්‍රවර්ථනද සාර්ථක කරගනිමින් ලකුණු 27-14 ක් ලෙස තරගය කණපිට හැරවීය.
ඒ අනුව දෙවැනි අර්ධ ආරම්භ වන විට ලකුණු 13 ක් ඉදිරියෙන් සිටි මහනුවර ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධය පුරා ශ්‍රී ලයන්ස් ක්‍රීඩකයන් මඩවමින් තවත් ගෝල දිනුම් 3 ක්, උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් සමගින් ලකුණු ලබාගත්හ. 42 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කරගත් තරින්ද රත්වත්තේ, 50 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක්ද ලබාගනිමින් 35-14 ක් ලෙස කණ්ඩායම් දෙක අතර පැවැති ලකුණු පරතරය තවත් ඉහළ දැමුවේය.
ඉන් අනතුරුව දැහැන් නිතිල 52 වැනි විනාඩියේදීද, ඊතන් ස්ච්නීඩර් 54 වැනි විනාඩියේදී චතුර සොයිසා 67 වැනි විනාඩියේදීද, තරිඳු චතුරංග 72 වැනි විනාඩියේදීද මහනුවර කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළහ. ඉන් උත්සාහක දිනුම් 3 කම ප්‍රවර්ථනයන් සාර්ථක කරගනු ලැබුවේද තරින්ද රත්වත්තේ විසිනි. නීති විරෝධී අයුරින් ක්‍රීඩා කිරීම හේතුවෙන් 67 වැනි විනාඩියේදී ශ්‍රී ලයන්ස් ක්‍රීඩක දුලාජ් නවෝද්‍ය විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පතක් ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.