Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ දෙවැනි සතිය නිමාවට පත්වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. මේ දක්වා සහභාගි වූ තරග 2 ම ජයගෙන සිටින මහනුවර ක්‍රීඩකයෝ, ප්‍රසාද ලකුණු 2 ත් සමග මේ වන විට ලබා සිටින ලකුණු සංඛ්‍යාව 12 කි.
සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජයද මෙතෙක් සහභාගි වූ තරග 2 ම ජයගැනීමට සමත් වූ නමුත්, දෙවැනි සතියේදී ප්‍රසාද ලකුණක් ලබාගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ඔවුහු ලකුණු 11 ක් ලබා ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වූහ. ඒ අනුව සී.ආර්. ක්‍රීඩකයෝ මහනුවර ක්‍රීඩා සමාජයට වඩා එක් ලකුණක් පසුපසින් සිටිති.
දෙවැනි සතියේදී සහභාගි වූ තරග පරාජයට පත්වුවද, එහිදී ප්‍රසාද ලකුණ ලබාගැනීමට සමත් වීම හේතුවෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජය (ලකුණු 7) ලකුණු සටහනේ තෙවැනි ස්ථානයටද, පොලිසිය (ලකුණු 6) ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයටද පත්විය. පළමු සතියේදී පරාජයට පත්වූ සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව දෙවැනි සතියේදී ජය ලබමින් ලකුණු 5 බැගින් හිමිකර ගත්හ.
දෙවැනි සතියේ තරග ප්‍රතිඵල
■ ගුවන් හමුදාව ලකුණු 17-15 කින් නාවික හමුදාව පරදවයි.
■ සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 19-06 කින් පොලිසිය පරදවයි.
■ මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 33-14 කින් යුද හමුදාව පරදවයි.
■ සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 20-13 කින් හැව්ලොක් ක්‍රීඩා සමාජය පරදවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.