Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
අන්තර් සමාජ රග්බි ලීගයේ 6 වැනි සතිය යටතේ නාවික හමුදාවට එරෙහිව මහනුවර කණ්ඩායම ඉරිදා (19 වැනිදා) යළිත් සිය සුපුරුදු තරග බිම වන නිත්තවෙල ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතය. තරගාවලියේ මුල් සති දෙකේදීම නිත්තවෙල ක්‍රීඩාංගණයේදී තරග වැදුණු මහනුවර ක්‍රීඩකයන් තෙවැනි සහ සිවුවැනි සතිවලදී තරග වැදුණේ කොළඹ ක්‍රීඩාංගණවලදීය.
පස්වැනි සතියේදී ලද විවේකයෙන් අනතුරුව මහනුවර කණ්ඩායම යළිත් නිත්තවෙල ක්‍රීඩාංගණයේදී තරග වදින්නේ සති 3 කට පසුවය. මුල් සති 4 පුරා ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි මහනුවර කණ්ඩායම 6 වැනි සතියේදී යළිත් සිය සුපුරුදු තරග බිමට අවතීර්ණ වන්නේ ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා පසු බසිමිනි.
පවතින තත්වය අනුව මහනුවර කණ්ඩායමට යළිත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට හැකි වන්නේ මේ වන විට පෙරමුණේ පසුවන අපරාජිත සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම ප්‍රසාද ලකුණක් නොමැතිව තරගයක් ජයගතහොත් හෝ ඉදිරියේදී සහභාගිවන තරගයක් පරාජයට පත්වුව හොත් පමණි.
හයවැනි සතිය ආරම්භ කරමින් යුද හමුදාවට එරෙහිව හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සිකුරාදා (17 වැනිදා) පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසේ. සෙනසුරාදා (18 වැනිදා) දිනයේදී තවත් තරග 2 ක් පැවැත්වෙන අතර එහිදී ගුවන් හමුදාවට එරෙහිව පොලිසියද, සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයද තරග වදිනු ඇත.
එම තරග දෙක පිළිවෙලින් රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී සහ ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර මෙම සතියේ තරග සියල්ල පස්වරු 3.45 ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට තවදුරටත් ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට නම් එහිදී ප්‍රසාද ලකුණක්ද සමග සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය පරාජය කළ යුතුව තිබේ.
හයවැනි සතියේ තරග කාලසටහන
■ ජන. 17 වැනිදා - යුද හමුදාව සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පස්වරු 3.45 සිට
■ ජන. 18 වැනිදා - ගුවන් හමුදාව සහ පොලිසිය අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී - පස්වරු 3.45 සිට
■ ජන. 18 වැනිදා - සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී පස්වරු 3.45 සිට
■ ජන. 19 වැනිදා - මහනුවර ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර මහනුවර, නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පස්වරු 3.45 සිට
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.