Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ 8 වැනි සතිය ආරම්භ කරමින් මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව යුද හමුදාව හෙට (12 වැනිදා) පස්වරු 4.00 ට කොළඹ හැව්ලොක් පිටියේදී තරග බිමට පිවිසීමට නියමිතය. මෙම කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේදී සහභාගි වන 6 වැනි තරගය මෙය වනු ඇත.
ලකුණු සටහනේ දෙවැනි ස්ථනයේ පසුවන මහනුවර කණ්ඩායම (ලකුණු 30) මෙතෙක් සහභාගි වූ තරග 5 ම ප්‍රසාද ලකුණද සමග ජයගැනීමට සමත්ව සිටියි. ඒ අනුව මේ වන විට ලකුණු සටහනේ පෙරමුණේ පසුවන හැව්ලොක් ක්‍රීඩා සමාජයට (ලකුණු 33) වඩා ලකුණු 3 ක් පසුපසින් සිටින මහනුවර කණ්ඩායමට හෙට තරගය ජයගතහොත් ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට හැකිවනු ඇත.
ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 34-12 ක ජයක් ලබමින් මෙවර තරගාවලියට අවතීර්ණ වූ මහනුවර ක්‍රීඩකයෝ, ඉන් පසුව සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 39-03 කද, නාවික හමුදාවට එරෙහිව ලකුණු 35-30 කද, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 45-26 කද, පොලිසියට එරෙහිව ලකුණු 36-23 කද ජයග්‍රහණය ලැබූහ.
ලකුණු සටහනේ පතුළටම ඇද වැටී සිටින යුද හමුදාව මේ දක්වා තරග 5 කට සහභාගි වී ඇති අතර ඉන් එක් තරගයක් ජයගෙන, තරග 4 ක් පරාජය වී, සෙසු තරගය ජය පැරදුමෙන් තොරව නිමා කරගෙන සිටියි. ඒ අනුව ප්‍රසාද ලකුණක්ද සමග ඔවුන්ට හිමිව ඇති ලකුණු සංඛ්‍යාව 9 කි. ඉකුත් සති අන්තයේදී නාවික හමුදාවට එරෙහිව ලකුණු 18-13 ක ජයක් ලබමින් යුද හමුදාව පළමු ජය ලැබීය.
ඉන් පෙර සහභාගි වූ තරගවලදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමග පැවැති තරගය ලකුණු 16-16 ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් කරගත් යුද හමුදා ක්‍රීඩකයෝ, හැව්ලොක් ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 36-14 ක් ලෙසද, ගුවන් හමුදාව හමුවේ ලකුණු 12-05 ක් ලෙසද, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 33-23 ක් ලෙසද පරාජයට පත්වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.