Last Update  :  2025-01-22 17:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවරින් නාවික හමුදාවට ඩෝරා ප්‍රහාරයක්
අන්තර් සමාජ පළමු පෙළ

මහනුවරින් නාවික හමුදාවට ඩෝරා ප්‍රහාරයක්

editorial - 2025 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ලීග් රග්බි ශූරතා තරගාවලියේ හය වැනි සතියේතරගයක් වශයෙන් නිත්තවල ක්‍රීඩා පිටියදී මහනුවර ක්‍රීඩා සමාජ පිල සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර  අද (19 වැනිදා) පැවැති තරගයේදී නාවික හමුදා පිලට ඩෝරා ප්‍රහාරයක් එල්ල කරමින් ලකුණු 66-05 ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජ පිල සමත් විය.

මහනුවර ක්‍රීඩා සමාජ පිල මෙම තරඟයේදී ද ප්‍රතිවාදීන්ට එරෙහිව තුන්වෙනි වරටද ලකුණු 50 සීමාව ඉක්මවා යාම විශේෂ සිදුවීමක් වූ අතර ප්‍රථම අර්ධය නිමා වන විට ලකුණු 38-00 වශයෙන් මහනුවර පිල ඉදිරියෙන්  විය. මෙම තරඟයේ 25 වැනි විනාඩිය ගෙවී යද්දී මහනුවර ක්‍රීඩකයන් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සීමාව ඉක්මවා යාමටද සමත් විය.

මහනුවර පිල ගෝල දිනුම් 08ක් සහ උත්සාහක දිනුම් 02 ක් මගින් ලකුණු රැස් කළ අතර නාවික හමුදා පිල එක් උත්සහක දිනුමක් වාර්තා කරමින් ලකුණු රැස් කළේය.

මෙම තරගය ඉතිහාසයට එක් වූයේ ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ කාන්තා විනිසුරුවරියක විසින් පළමු පෙළ රග්බි තරගයක් විනිශ්චය කරන ලද පළමු අවස්ථාව ලෙසයි.

ශ්‍රී ලංකා රග්බි පිල මෙන්ම යුද හමුදා රග්බි පිල නියෝජනය කළ චරණී ලියනගේ විනිසුරුවරිය අති විශිෂ්ට ලෙස මෙම තරඟය විනිශ්චය කළ අතර විශේෂයෙන් මහනුවර ක්‍රීඩකයන්ගේ වේගවත්ක්‍රීඩා රටාව හමුවේ ඇයද එම වේගයම තබා ගනිමින් තරඟය පුරා විනිශ්චය කටයුත්තේ යෙදෙන ආකාරය බොහෝ දෙනකුගේ පැසසුමටට ලක් විය.

ජයග්‍රාහී මහනුවර පිල වෙනුවෙන් තිළිණ බණ්ඩාර, දහම් වික්‍රමාරච්චි, ධනුෂ්ක රන්ජන් යන ක්‍රීඩකයන් උත්සාහක දිනුම් දෙකක් බැගින්ද කෙනුල හෙට්ටිආරච්චි, දිනාල් ඒකනායක, ගයාන් පෙරේරා සහ දිලූක දන්ගේ යන ක්‍රීඩකයන් උත්සාහක දිනුමක් බැගින්ද වාර්තා කළ අතර හිරුෂ සම්පත් උත්සහක දිනුම් 08 ක්ගෝල දිනුම් බවට ප්‍රවර්ථනය කළේය.

නාවික හමුදා පිල වෙනුවෙන් සෆාන් ග්‍රෙගරි උත්සහකක දිනුමක් වාර්තා කළේය.


අදහස් (0)

මහනුවරින් නාවික හමුදාවට ඩෝරා ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.