Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රාජකීය - ත්‍රිත්ව පිළිමළුන් පිටුදැකීමේ වටයෙන් ඉවතට

රාජකීය - ත්‍රිත්ව පිළිමළුන් පිටුදැකීමේ වටයෙන් ඉවතට

editorial - 2024 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන (2024) අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියෙන් ඉවත්වීමට කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල පියවර ගෙන ඇත. මෙවර පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය සහ බ්‍රැඞ්බි පළිහ තරගාවලිය එකම සති අන්තයන්හිදී පැවැත්වීම ඊට හේතු වී තිබේ. 

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට සහභාගි වූ පාසල් අතරින් පළමු කණ්ඩායම් 8 අතරට පත්වූ පාසල් පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය සඳහා තෝරා ගැනෙන අතර රාජකීය සහ ත්‍රිත්ව විදුහල් එහි තෙවැනි සහ සිවුවැනි ස්ථානවල රැදී සිටියි.

කෙසේ වුවත් මෙම විදුහල් දෙක පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන් ලීග් තරගාවලියේ 9 වැනි සහ 10 වැන් ස්ථානවලට පත්වූ මහනුවර විද්‍යාර්ථ විදුහලට සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහලට පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව උදා වී තිබේ. 

පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියට සුදුසුකම් ලබා සිටින සෙසු කණ්ඩායම් වන්නේ මෙවර ලීග් තරගාවලියේ ශූරයන් වූ බම්බලපිටිය ශාන්ත පීතර සහ අනු ශූරයන් වූ කොළඹ ඉසිපතන විදුහල් සමගින් ගල්කිස්ස සාන්ත තෝමස්, කොළඹ ඩී.එස්. සේනානායක, කොළඹ වෙස්ලි සහ මරදාන සහිරා යන විදුහල්ය. 

ඒ අනුව තරගාවලියේ මූලික වටයේදී ශාන්ත පීතර විදුහලට එරෙහිව ශාන්ත ජෝෂප් විදුහලත්, ඉසිපතන විදුහලට එරෙහිව විද්‍යාර්ථ විදුහලත් තරග වදින අතර ඩී.එස්. සේනානායක විදුහලට එරෙහිව වෙස්ලි විදුහලත්, සාන්ත තෝමස් විදුහලට එරෙහිව සහිරා විදුහලත් තරග වැදීමට නියමිතය. 

තරගාවලියේ මූලික වටයේ තරග මෙම මස 31 වැනිදා සහ සැප්තැම්බර් මස 1 වැනිදා පැවැත්වෙන අතර එහිදී ජය ලබන කණ්ඩායම් අතර අවසන් පූර්ව තරග සැප්තැම්බර් 4 වැනිදා සහ 5 වැනිදා පැවැත්වීමට නියමිතය. අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 8 වැනිදාය. තරග පැවැත්වෙන දිනයන් සහ වේලාවන් තවමත් ප්‍රකාශයට පත්කර නොමැත. 

මේ අතර රාජකීය විදුහල සහ ත්‍රිත්ව විදුහල අතර පැවැත්වෙන 78 වැනි බ්‍රැඞ්බි පළිහ තරගාවලියේ පළමු අදියර මෙම මස 24 වැනිදා කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදීත්, දෙවැනි අදියර සැප්තැම්බර් මස 7 වැනිදා මහනුවර, පල්ලෙකැළේ රග්බි ක්‍රීඩාංගණයේදීත් පස්වරු 4.15 සිට පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 


අදහස් (0)

රාජකීය - ත්‍රිත්ව පිළිමළුන් පිටුදැකීමේ වටයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.