Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රාජකීයයෝ බ්‍රැඩ්බි පළිහ දිනති

රාජකීයයෝ බ්‍රැඩ්බි පළිහ දිනති

editorial - 2023 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර පැවැති මෙම වසරේ (2023) බ්‍රැඩ්බි පළිහ රග්බි තරගාවලි‍ය ලකුණු 37-30 ක් ලෙස ජයගැනීමට රාජකීය‍යෝ අද (5 වැනිදා) සමත් වූහ. කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති දෙවැනි අදියර ලකුණු 27-17 ‍ක් ලෙස ජයගනිමින් රාජකීය විදුහල මෙම ජයග්‍රහණයට හිමිකම් කීවේය.

මෙය දෙවිදුහල් අතර පැවැති 77 වැනි බ්‍රැඩ්බි පළිහ තරගාවලිය වූ අතර මෙම ජයත් සමග එහිදී තමන් ලබා ඇති ජයග්‍රහණ සංඛ්‍යාව 36 ක් දක්වා ඉහළ දමාගැනීමටද රාජකීය ක්‍රීඩකයෝ සමත් වූහ. මෙතෙක් පැවැති තරගාවලීන්හිදී ත්‍රිත්ව විදුහල ලබා ඇති ජයග්‍රහණ සංඛ්‍යාව 39 කි. ඒ අනුව ජයග්‍රහණය අතින් ගත්කළ රාජකීය විදුහල, ත්‍රිත්ව විදුහලට වඩා තවත් ජයග්‍රහණ 3 ක් පසුපසින් සිටියි.

මෙවර තරගාවලියේ පළමු අදියර ජූලි මස 22 වැනිදා පල්ලේකැළේ ත්‍රිත්ව විදුහල් රග්බි ක්‍රීඩාංගණයේදී පැවැති අතර ඉන් ලකුණු 13-10 ක තියුණු ජයක් වාර්තා කිරීමට ත්‍රිත්ව විදුහල සමත් විය. දෙවැනි අදියරේදී ලබාගත් ලකුණු 27 සමග සමස්ත තරගාවලියේදී තමන් ලැබූ මුළු ලකුණු සංඛ්‍යාව 37 ක් දක්වා ඉහළ දමාගැනීමට රාජකීයයන් සමත් වෙද්දී, දෙවැනි අදියරේදී ලබාගත් ලකුණු 17 සමග ත්‍රිත්ව විදුහල සමස්ත තරගාවලියේදී ලැබූ මුළු ලකුණු සංඛ්‍යාව 30 ක් විය.

දෙවැනි අදියරේදී රාජකීය විදුහල ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 4 ක් මගින් ලකුණු රැස්කළ අතර ත්‍රිත්ව විදුහල ලකුණු රැස්කළේ ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගිනි. ඒ අනුව පල්ලෙකැළේදී පැවැති පළමු අදියරේදී ලැබූ පරාජයේ වාඩුව කොළඹදී ගැනීමට රාජකීයයෝ වග බලාගත්හ.

2015 වසරේදී භානුක ගමගේගේ නායකත්වය යටතේ බ්‍රැඩ්බි පළිහ ජයගත් රාජකීය විදුහල එතැන් පටන් මේ දක්වාම බ්‍රැඩ්බි තරගාවලියේ අපරාජිතව සිටියි. 2016 වසරේදී ලකුණු 35-35 ක් ලෙස අදියර දෙක සමව අවසන් විය. 2020 සහ 2021 වසර වලදී කොරෝනා වසංගතය හේතුවෙන් තරගාවලිය නොපැවැති අතර පසුගිය වසරේදී (2022) කවීන් සසංකගේ නායකත්වය යටතේ රාජකීයෝ බ්‍රැඩ්බි පළිහ දිනාගත්හ.


අදහස් (0)

රාජකීයයෝ බ්‍රැඩ්බි පළිහ දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.