Last Update  :  2025-03-27 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ලීග් රග්බි තරග 3 ක් හෙ‍ට - අනිද්දා
රග්බි

ලීග් රග්බි තරග 3 ක් හෙ‍ට - අනිද්දා

editorial - 2022 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් තරග 3 ක් හෙට (5 වැනිදා) සහ අනිද්දා (6 වැනිදා) පැවැත්වීමට නියමිතය. හෙට පැවැත්වෙන තරග දෙකේදී නාවික හමුදාවට එරෙහිද මහනුවර ක්‍රීඩා සමාජයත්, සී.ආර්. ක්‍රීඩා සමාජයට එරෙහිව සී.එච්. ක්‍රීඩා සමාජයත් තරග බිමට පිවිසෙනු ඇත.

අනිද්දා පැවැත්වෙන තරගයේදී හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව ගුවන් හමුදාව තරග වදින අතර අනිද්දා පැවැත්වීමට නියමිතව තිබූ තවත් තරගයක් කොවිඩ් වයිරසයේ බලපෑම හේතුවෙන් කල් දමා ඇත. පොලිසිය සහ යුද හමුදාව අතර පැවැත්වීමට නියමිතව තිබූ එම තරගය කල් දමා ඇත්තේ යුද හමුදා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් කොවිඩ් ආසාදිත බවට තහවුරුවීම හේතුවෙනි.

එබැවින් එම තරගය මාර්තු මස 19 වැනිදා දක්වා කල් දැමීමට සංවිධායකයන් පියවර ගෙන තිබේ. හෙට පැවැත්වෙන තරග දෙක වැලිසරදී සහ ලොන්ඩන් පෙදෙසේදී පස්වරු 4.00 ට ආරම්භ වීමට නියමිත අතර අනිද්දා පැවැත්වෙන තරගය හැව්ලොක් පිටියේදී පස්වරු 6.30 ආරම්භ වනු ඇත.

‍මේ දක්වා පැවැති තරගවලදී ජයග්‍රහණ 2 බැගින් ලබා අපරාජිතව සිටින මහනුවර ක්‍රීඩා සමාජය (ලකුණු 12) සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය (ලකුණු 11) පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගෙන සිටිති. එහිදී එක් ජයග්‍රහණය බැගින් ලබා සිටින නාවික හමුදාව සහ ගුවන් හමුදාව පිළිවෙලින් තෙවැනි සහ සිවුවැනි ස්ථානවල පසුවෙති.

මෙම සති අන්තයේ තරග

  • හෙට (5 වැනිදා) - නාවික හමුදාව සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර වැලිසරදී - පස්වරු 4.00 ට
  • හෙට (5 වැනිදා) - සී.ආර්. ක්‍රීඩා සමාජය සහ සී.එච්. ක්‍රීඩා සමාජය අතර ලොන්ඩන් පෙදෙසේදී - පස්වරු 4.00 ට
  • අනිද්දා (6 වැනිදා) - හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර හැව්ලොක් පිටි‍යේදී - පස්වරු 6.30 ට

 


අදහස් (0)

ලීග් රග්බි තරග 3 ක් හෙ‍ට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.