Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මහනුවර පල්ලේකැලේ රග්බි ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි අදියරේදී ලකුණු 25-23 ක ජයක් වාර්තා කළ ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ, වසර 10 කට පසුව බ්රැඞ්බි පලිහ තමන් සතුකර ගැනීමට සමත් වූහ. කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති පළමු අදියර ලකුණු 17-16 ක් ලෙස ජයගෙන සිටි ත්‍රිත්ව විදුහල, 78 වැනි බ්රැඞ්බි පලිහ සමස්ත තරගය ජයගත්තේ ලකුණු 42-39 ක් ලෙසිනි.
පළමු අර්ධයේදී ත්‍රිත්ව විදුහල ලබාගත් ලකුණු 17 න් 12 කම හිමිකරුවා වූ 17 හැවිරිදි ෆ්ලයි හාෆ් ක්‍රීඩක ශාන් අල්තාෆ්, දෙවැනි අදියරේදී සිය කණ්ඩායම ලබාගත් ලකුණු 25 න් 20 කට හිමිකම් කීමට සමත් විය. අවසන් විනාඩිය වන විටත් ලකුණු 23-22 ක් ලෙස රාජකීය විදුහල ඉදිරියෙන් සිටි නමුත්, තරගය නිමාවීමට තත්පර කිහිපයකට පෙර හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් අල්තාෆ් ත්‍රිත්ව විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියේය.
ත්‍රිත්ව විදුහල බ්රැඞ්බි පලිහ දිනාගත් 40 වැනි අවස්ථාව මෙය වන අතර අවසන් වරට ඔවුන් ඊට හිමිකම් කියා තිබුණේ 2014 වසරේදීය. ඉන් අනතුරුව 2015, 2017, 2018, 2019 සහ 2023 යන වසර වලදී රාජකීයයන් පිට පිටම 5 වරක් බ්රැඞ්බි පලිහ දිනා සිටි නමුත් මෙම පරාජයත් සමග ඔවුන්ගේ ජයග්‍රාහී වාර්තාව බිඳ වැටිණ. 2016 වසරේදී අදියර දෙකේම ලකුණු සම වූ අතර 2021 සහ 2022 වසරවලදී කොරෝනා වසංගතය හේතුවෙන් බ්රැඞ්බි පලිහ නොපැවැත්විණ.
පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 20-13 ක් ලෙස පෙරමුණ ගැනීමට රාජකීය විදුහල සමත් වුවද, දෙවැනි අර්ධයේදී දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වූ ත්‍රිත්ව ක්‍රීඩකයෝ ලකුණු 12 ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතුකර ගත්හ. එහිදී රාජකීයයන්ට ලබාගත හැකි වූයේ ලකුණු 3 ක් පමණි. ත්‍රිත්ව විදුහල ගෝල දිනුමක් සහ දඬුවම් පහර 6 ක් මගින්ද, රාජකීය විදුහල ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහර 3 ක් මගින්ද ලකුණු ලබාගත්තේය.
ආරම්භයේ සිටම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ රාජයකීය විදුහල වෙනුවෙන් 2 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගැනීමට යුවාන් පතිරණ සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් නබීල් යහිය සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 7 ක් දක්වා ඉහළ දැමුවේය. එහෙත් 7 වැනි සහ 22 වැනි විනාඩිවලදී ත්‍රිත්ව විදුහල වෙනුවෙන් දඬුවම් පහර 2 ක් සාර්ථක කර ගත් ශාන් අල්තාෆ්, 7-6 ක් ලෙස කණ්ඩායම් දෙක අතර පැවැති ලකුණු පරතරය අඩු කළේය.
තරගයේ 25 වැනි විනාඩියේදී රාජකීය විදුහලට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කර ගත් ඉද්රිස් ෆාරුක් පරතරය වැඩි කරමින් ලකුණු තත්වය 10-6 ක් බවට පත් කළේය. එහෙත් 27 වැනි විනාඩියේදී ත්‍රිත්ව විදුහල වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු 11-10 ක් ලෙස පළමු වරට සිය කණ්ඩායම තරගයේ පෙරමුණට ගෙන ඒමට මිනුල යද්දෙහිගේ සමත් විය. එම උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේද ශාන් අල්තාෆ් විසිනි.
ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ රාජකීයයෝ 30 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් සහ 35 වැනි විනාඩියේදී ගෝල දිනුමක් ලබාගනිමින් පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු තත්වය 20-13 ක් ලෙස ඉහළ දමාගත්තේ ත්‍රිත්ව විදුහල පසුපසට ඇද දමමිනි. රාජකීය විදුහල වෙනුවෙන් නබීල් යහිය එම දඬුවම් පහර සාර්ථක කරගත් අතර අයාෂ් ශියාම් ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේ ඉද්රිස් ෆාරුක් විසිනි.
දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව 44, 59 සහ 66 වැනි විනාඩිවලදී ත්‍රිත්ව විදුහලට හිමිවූ දඬුවම් පහර 3 ක් සාර්ථක කරගත් ශාන් අල්තාෆ්, ලකුණු 22-20 ක් ලෙස යළිත් වරක් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට ගෙන ආවේය. එහෙත් 69 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කරගත් නබීල් යහිය ලකුණු 23-22 ක් ලෙස රාජකීය විදුහලට ලකුණක වාසියක් අත්කර දුන්නේය. කෙසේ වුවත් මීටර් 50 කට වැඩි දුරක සිට පහර දෙමින් අවසන් විනාඩියේදී අල්තාෆ් සාර්ථක කරගත් දඬුවම් පහර ත්‍රිත්ව විදුහලට ජය ගෙන ආවේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.