Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby විද්‍යා විදුහලෙන් පෙරළිකාර ජයක්

විද්‍යා විදුහලෙන් පෙරළිකාර ජයක්

editorial - 2022 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ‘ කාණ්ඩය යටතේ ඊයේ (30 වැනිදා) පැවති තරගයකදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව ලකුණු 12-10 තියුණු ජයක් වාර්තා කිරීමට ගල්කිස්ස විද්‍යා විදුහල සමත් විය.

මෙවර තරගාවලියේ මූලික වටයේදී විද්‍යා විදුහල ක්‍රීඩා කළ අවසන් තරගය මෙය වූ අතර එහිදී ඔවුන් ලැබූ පළමු ජයග්‍රහණයද මෙය විය. මෙය ශාන්ත පීතර විදුහලේද අවසන් තරගය වූ අතර එහිදී ඔවුන් ලැබූ තෙවැනි පරාජයද විය.

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-05 ක් ලෙස ශාන්ත පීතරයෝ පෙරමුණ ගත්හ. එහිදී ශාන්ත පීතර විදුහල උත්සාහක දිනුම් 2 ක් සමගද, විද්‍යා විදුහල එක් උත්සාහක දිනුමක් සමගද ලකුණු ලබාගත්හ.

දෙවැනි අර්ධයේදී ගොල් දිනුමක් ලබාගත් විද්‍යා විදුහල් ක්‍රීඩකයෝ, එහිදී ශාන්ත පීතරයන්ට ලකුණු ලබාගැනීමට කිසිදු ඉඩක් ලබා නොදුන්හ. ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වන විට විද්‍යා විදුහලට ලකුණු 12-10 ක තියුණු ජයක් හිමිවිය.

-036


අදහස් (0)

විද්‍යා විදුහලෙන් පෙරළිකාර ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.