Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ෂේන් සෙනෙවිරත්න)
අන්තර් පාසල් රග්බි ලීග් ‘බී‘ ශූරතා තරගාවලිය යටතේ මහනුවර නිත්තවෙල ක්‍රීඩා පිටියේදී පැවති ධර්මරාජ හා විද්‍යාර්ථ විදුහල් අතර තරගයෙන් ලකුණු 17-08 ක ජයක් වාර්තා කිරීමට විද්‍යාර්ථ විදුහල සමත් විය .
ජයග්‍රාහි විද්‍යාර්ථ විදුහල ගෝල දිනුම් දෙකක් සහ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් සිය ජය වාර්තා කළේය. ධර්මරාජ විදුහල උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු වාර්තා කළේය.
ප්‍රථම අර්ධය නිමා වන විට ලකුණු 07-00 ක් වශයෙන් විද්‍යාර්ථ විදුහල ඉදිරියෙන් විය .
තරග විනිසුරු ගිහාන් යටවර මහතාගේ ප්‍රථම නලා හඬින් තරඟය ආරම්භ වී 22 වැනි විනාඩියේදී විද්‍යාර්ථ විදුහලේ නිපුන් වීරසිංහ විසින් ගෝල කණු ආසන්නයේම උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය මේනක තිලකරත්න විසින් සාර්ථක කර ගන්නා ලදී .
දෙවැනි අර්ධය ආරම්භ වී 22 වැනි විනාඩියේදී ධර්මරාජ විදුහලේ තේනුක වික්‍රමසිංහ විසින් උත්සාහක දිනුමක් වාර්තා කළත්, එහි ප්‍රවර්තනය අසාර්ථක විය. 22වැනි විනාඩියේදී විද්‍යාර්ථ විදුහලේ කලණ ප්‍රේමරත්න උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට මේනක තිලකරත්න සමත් විය . 25 වැනි විනාඩියේදී ධර්මරාජ විදුහලේ සෞම්‍ය විජේසිරි දඬුවම් පහරක් සාර්ථක කරගත් අතර තරගය නිමා වීමට මොහොතක් තිබියදී විද්‍යාර්ථ විදුහලේ මේනක තිලකරත්න දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් විද්‍යාර්ථයේ ජය තහවුරු කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.