Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පළමු කොටසේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ සෙනසුරාදා (3 වැනිදා) පැවැති මූලික වටයේ තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට කොළඹ වෙස්ලි විදුහල සහ මරදාන සහිරා විදුහල සමත් විය.
කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී වෙස්ලි විදුහල හමුවේ ලකුණු 34-12 ක් ලෙස මරදාන ශාන්ත ජෝෂප් විදුහල පරාජය වූ අතර මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී සහිරා විදුහල හමුවේ ලකුණු 38-00 ක් ලෙස මහනුවර කිංග්ස්වුඩ් විදුහල පරාජයට පත්විය.
වෙස්ලි - ශාන්ත ජෝෂප් තරගයේ පළමු අර්ධය නිමාවන විට ලකුණු 17-12 ක් ලෙස පෙරමුණ ගැනීමට වෙස්ලි විදුහලද, සහිරා - කිංග්ස්වුඩ් තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට 12-00 ක් ලෙස පෙරමුණ ගැනීමට සහිරා විදුහලද සමත් විය.
සහිරා විදුහල අන්තර් පාසල් රග්බි තරගයකදී කිංග්ස්වුඩ් විදුහල පරාජය කළේ වසර 37 කට පසුව වීම එහිදී කැපීපෙනුන සිදුවීමක් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.