Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකා නායකත්වයට නයිජල් රත්වත්තේ
ශ්‍රී ලංකා - මැලේසියා තීරණාත්මක තරගය

ශ්‍රී ලංකා නායකත්වයට නයිජල් රත්වත්තේ

editorial - 2025 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ආසියානු රග්බි පිටියේ ‘ඉහළම 4 දෙනා’ අතරට පිවිසීම සඳහා, මැලේසියානු කණ්ඩායමට එරෙහිව අනිද්දා (19 වැනිදා) පැවැත්වෙන තීරණාත්මක රග්බි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නයිජල් රත්වත්තේට පැවරී තිබේ. මෙම තරගය සෙනසුරාදා පස්වරු 6.30 ට කොළඹ තුරඟ තරග පිටියේදී ආරම්භ වේ. 

2024 ආසියානු රග්බි ශූරතාවලියේ සිව්වැනි ස්ථානය හිමිකරගත් මැලේසියාව සහ ආසියානු පළමු ශ්‍රේණියේ කණ්ඩායම් (ශ්‍රී ලංකාව, කසකස්ථානය, කටාර් සහ ඉන්දියාව) තරගාවලියේ ශූරයන් වූ ශ්‍රී ලංකාව අතර මෙම තීරණාත්මක තරගය පැවැත්වෙයි. මෙම තරගයේ ජයග්‍රාහකයන් ආසියාවේ හොඳම රග්බි කණ්ඩායම් 4 අතරට පිවිසෙනු ඇත. 

හොං කොං රාජ්‍යය, දකුණු කොරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉහළම 4 දෙනා අතර සිටින අනෙක් කණ්ඩායම් වෙති. 

1995 සිටම, නිරන්තරයෙන් රග්බි ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින ජපානය 25 වතාවක් ආසියානු රග්බි ශූරතාව දිනා තිබේ. 2019 දී රග්බි ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය දැරූ බැවින් ඔවුන් 2017 දී දිනාගත් ආසියානු ශූරතාව ආරක්‍ෂා කරගැනීම සඳහා 2018 දී ජපානය ඉදිරිපත් වූයේත් නැත. ආසියානු තරගාවලි වලදී ජපාන කණ්ඩායම සමගින් තරග කිරීම සෙසු කණ්ඩායම් වලට අසීරු වන බැවින් ද ආසියානු රග්බි තරගාවලි සඳහා ජපානය සහභාගි නොවේ. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් නම්කර ඇති නයිජල් රත්වත්තේ වසර 15 කට පමණ ඉහතදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයෙන් අන්තර් සමාජ තරගාවලියට එක්විය. පසුව අප් කන්ටි්‍ර ලයන් පිලටද ක්‍රීඩා කළ නයිජල්, අවසානයේදී වසර ගණනාවක්ම මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කළේය. 

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් තම රග්බි දිවිය ආරම්භ කළ නයිජල් සිය අධ්‍යාපන කටයුතු සඳහා දකුණු අප්‍රිකාවට ගොස් සිටියදීත් රග්බි ක්‍රීඩාවේ නිරත විය. දකුණු අප්‍රිකාව යනු රග්බි ක්‍රීඩාවේ වත්මන් ලෝක ශූරයන් වන අතරම සිව් වතාවක් ලෝක කුසලාන දිනාගත්, අති විශිෂ්ට රග්බි සම්ප්‍රදායක් ඇති රටකි. රග්බි ක්‍රීඩාවේ වත්මන් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 සිටින කණ්ඩායම වන්නේත් දකුණු අප්‍රිකාවයි. 

සනත් මාටිස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර, සාලිය කුමාර සහ දුෂාන්ත් ලෙව්කේ සහාය පුහුණුකරුවෝ ලෙසින් කටයුතු කරති. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රග්බි විනිසුරුවරයකු ලෙසන් කටයුතු කරන දකුණු අප්‍රිකානු ජාතික ජාකෝ ඩේවිඩ් ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තරගයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙසින් නම්කර තිබේ. අන්තර්ජාතික තරග කිහිපයක්ම විනිශ්චය කර ඇති ජාකෝ ඩේවිඩ්, බ්‍රැඩ්බි පළිහ තරගයත් ඇතුළුව, ශ්‍රී ලංකාවේදීත් රග්බි තරග විනිශ්චය කර තිබේ. 

ජේ.පී. ක්ලෙමන්ට් සහ ජ්රිජී අයිමෙන් තරගයේ පැති විනිසුරුවරුන් ලෙසින් කටයුතු කරති. විනිසුරුවරුන් තිදෙනාම ආසියානු රග්බි සංගමය විසින් පත්කරනු ලැබ ඇත. ශ්‍රී ලාංකිකයකු වන ඩිල්රෝයි ප්‍රනාන්දු මහතා විනිසුරුවන්ගේ කළමණාකරු ලෙසින් පත්කර තිබේ. 


ශ්‍රී ලංකා රග්බි සංචිතය
නයිජල් රත්වත්තේ (නායකයා), ජනිඳු ප්‍රනාන්දු, පුලස්ති දිසානායක, සෙනුර පෙරේරා, නවීන් මාරසිංහ, තිළිණ බණ්ඩාර, නිස්රාන් නිලාර්, තරිඳු චතුරංග, ලසිඳු කරුණාතිලක, හේෂාන් ජැන්සන්, ජනිඳු ඩිල්ෂාන්, ආකාශ් මධුශංක, ධනුෂ්ක රන්ජන්, ඩිනාල් ඒකනායක, මුර්ෂීඩ් සුබයිර්, විමුක්ති ගමගේ, නිරෝෂ් පෙරේරා, මොහොමඩ් රිෆාන්, තේනුක නානායක්කාර, පසිඳු බණ්ඩාර, තනූජ ජයවීර, දහම් වික්‍රමාරච්චි සහ වෙනුර කෝදාගොඩ

අතිරේක ක්‍රීඩකයෝ : 
මලිත විජේසුන්දර සහ හිරන්ත පෙරේරා

කණ්ඩායම් නිලධාරීහු
උදය හෙට්ආරච්චි (කණ්ඩායම භාර ප්‍රධාන නිලධාරී), රොහාන් චින්තක (කළමණාකරු), සනත් මාටිස් (ප්‍රධාන පුහුණුකරු), දුෂාන්ත් ලෙව්කේ (සහාය පුහුණුකරු), සාලිය කුමාර (සහාය පුහුණුකරු), තාරක අල්ගම (සහාය පුහුණුකරු), වෛද්‍ය ප්‍රදීප් කිරිඇල්ල (කණ්ඩායමේ වෛද්‍ය නිලධාරී), ශාෆින් මජීඩ් (භෞත චිකිත්සක), මනෝජ් සිල්වා (සම්භාහක), ඩිල්ෂාන් ද සිල්වා (සම්භාහක), එල්.පී. සමීර (සම්භාහක) යන මහත්වරු


අදහස් (1)

ශ්‍රී ලංකා නායකත්වයට නයිජල් රත්වත්තේ
  • Lionel Friday, 18 April 2025 08:42 AM

    ජයවේවා...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.