Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතිය යටතේ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර සෙනසුරාදා (4 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 25-21 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සමත් විය.
ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය මෙම තරගාවලියේදී ලැබූ පළමු ජය මෙය වූ අතර එහිදී ලකුණු 7 කට අඩු පරතරයකින් පරාජය වීම හේතුවෙන් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමට එක් ප්‍රසාද ලකුණක් හිමි විය. මෙම තරගය කොළඹ ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 10-07 ක් ලෙස පෙරමුණ ගත් ශ්‍රී ලයන්ස් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු මල්ලට තවත් ලකුණු 15 ක් එක්කර ගත්හ. සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම දෙවැනි අර්ධයේදී ලකුණු 14 ක් රැස්කිරීමට සමත් වුවද, තරගය ජය ගැනීම සඳහා එය ප්‍රමාණවත් නොවීය.
පළමු අර්ධයේදී ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් ශ්‍රී ලයන්ස් කණ්ඩායම, දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කළේය. සී.එච්. කණ්ඩායම පළමු අර්ධයේදී ගෝල දිනුමක් මගින්ද, දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුම් 2 ක් මගින්ද ලකුණු ලබා ගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.