Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාවේ පාසල් රග්බි ක්‍රීඩකයන් පුල පුලා බලා සිටි අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය ලබන බදාදා (14 වැනිදා) ආරම්භ වෙයි. තරගාවලිය ආරම්භ කරමින්, කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල් කණ්ඩායම් බදාදා පස්වරු 4.00 ට, මහනුවර බෝගම්බර පිටියට පිවිසෙති.
කොළඹ ඉසිපතන විද්‍යාලය පසුගිය වසරේ දිනාගත් අන්තර් පාසල් ‘ඒ’ කොටසේ රග්බි ශූරතාව ආරක්‍ෂා කරගැනීමට 18 වැනිදා සිට තරග බිමට පිවිසෙනු ඇත. ඉසිපතන විද්‍යාලයේ පළමු තරගය 18 වැනිදා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයීය පිලට එරෙහිව පැවැත්වෙයි.
ශ්‍රී ලංකා පාසල් රග්බි කණ්ඩායම් අතර ප්‍රබලතම කණ්ඩායම් හිමි පාසල් ලෙසින් සැලකෙන පාසල් 14 ක් ‘ඒ’ කොටසේ තරගාවලියට ඇතුළත් කර තිබේ. කොළඹ සහිරා සහ ඩී.එස්.සේනානායක විද්‍යාලයීය කණ්ඩායම් ද මෙවර ‘ඒ’ කොටසට ඇතුළත් වෙති.
තරගාවලිය කාණ්ඩ 3 කින් පැවැත්වෙයි. සෑම කාණ්ඩයකට I වැනි සහ II යනුවෙන් කොටස් දෙකකින් යුතුව මූලික (ලීග්) වටයේ තරග පැවැත්වේ. මූලික ලීග් තරග අවසන් වීමෙන් පසුව එක් එක් කොටසේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අනෙක් කොටසේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක සමගින් තවත් තරග දෙකකට සහභාගි වනු ඇත. මූලික වටයේදී කළ තරගවල ප්‍රසාද ලකුණුද ඉදිරියට ගෙන යන බැවින්, සියලුම තරග අවසානයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම එම කාණ්ඩයේ ලීග් ශූරයන් ලෙස කිරුළු පළඳිනු ඇත. මේ ආකාරයෙන් කාණ්ඩ තුනකින් යුත් තරගාවලියට ලීග් ශූරයන් තිදෙනකු තෝරා ගැනීමට නියමිතය.
කොරෝනා වසංගතයෙන් පසුව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන පළමු වැනි ප්‍රධාන පෙළේ තරගාවලිය මෙයයි. කවදත් ප්‍රේක්‍ෂකයන්ගෙන් පිරී ඉතිරී යන පාසල් රග්බි පිටියේදී ඉතාමත් උණුසුම් තරග කිහිපයක්ම තව නොබෝ දිනකින් දැකගත හැකිවනු ඇත.
තරගාවලිය සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන ඩයලොග් ආසියාටා සමාගම, ඩයලොග් රූපවාහිනී සේවාට අයත් 126 චැනලය ඔස්සේ තරගාවලියේ බොහොමයක් තරග සජීවීව විකාශය කිරීමට සූදානමින් සිටී. ඊට අමතරව ඩයලොග් මොබයිල් මෘදුකාගය ඔස්සේද තරාගවලිය සජීවීව නැරඹීමේ අවස්ථාව පාසල් රග්බි ලෝලීන්ට තිබේ.
‘ඒ’ කාණ්ඩය
I වැනි කොටස
ඉසිපතන, මරදාන ශාන්ත ජෝෂප්, වෙස්ලි, ගල්කිස්ස සාන්ත තෝමස්, කටුගස්තොට ශාන්ත අන්තෝනි, කිංග්ස්වුඩ් සහ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය කණ්ඩායම්
II වැනි කොටස
කොළඹ රාජකීය, මහනුවර ත්‍රිත්ව, විද්‍යාර්ථ, ගල්කිස්ස විද්‍යා, ධර්මරාජ, බම්බලපිටිය ශා. පීතර සහ සහිරා විද්‍යාලයීය කණ්ඩායම්
‘බී’ කාණ්ඩය
I වැනි කොටස
තර්ස්ටන්, මලියදේව, ලුම්බිණි, ශාන්ත ඇලෝසියස්, කොළඹ ආනන්ද සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම්
II වැනි කොටස
මහනුවර ශ්‍රී සුමංගල, මොරටුව වේල්ස් කුමර, කොල්ලුපිටිය මහානාම, කොටහේන ශාන්ත බෙනඩික්ට්, මහනුවර ශාන්ත සිල්වෙස්ටර් සහ කේරී විද්‍යාලයීය කණ්ඩායම්
‘සී’ කාණ්ඩය
I වැනි කොටස
නුගේගොඩ ශාන්ත ජෝන්, මහනුවර රාහුල, මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර, මොරටු විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල සහ ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විද්‍යාලයීය කණ්ඩායම්
II වැනි කොටස
කොළඹ නාලන්දා, රත්ගම දේවපතිරාජ, පානදුර ශ්‍රී සුමංගල, පාදුක්ක සිරි පියරන, ගාල්ල රිච්මන්ඩ් සහ ගම්පහ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.