Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශා. පීතර - රාජකීය - ඉසිපතන අපරාජිතව ඉදිරියට
අන්තර් පාසල් රග්බි

ශා. පීතර - රාජකීය - ඉසිපතන අපරාජිතව ඉදිරියට

editorial - 2024 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද)
 
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලියේ සිවුවැනි සතිය නිමාවට පත්වන විට තවදුරටත් සිය අපරාජිත බව රැකගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර, කොළඹ රාජකීය සහ කොළඹ ඉසිපතන යන විදුහල් සමත්ව සිටියි. 
 
මේ දක්වා සහභාගි වූ සියලු තරග ජයගැනීමට එම විදුහල් 3 සමත් වුවද, ලකුණු 24 ක් ලබා සිටින ශාන්ත පීතරයෝ සෙසු විදුහල් දෙකට වඩා ඉදිරියෙන් සිටියි. ක්‍රීඩා කළ තරග 4 ම ප්‍රසාද ලකුණ බැගින් ජයගැනීමට ශාන්ත පීතර විදුහල සමත්ව ඇති අතර රාජකීය විදුහල ප්‍රසාද ලකුණු 3 ක් සමග මුළු ලකුණු 23 ක්ද, ඉසිපතන විදුහල ප්‍රසාද ලකුණු 2 ක් සමග මුළු ලකුණු 22 ක්ද ලබා සිටියි. 
 
තරගාවලියේ සිවුවැනි සතිය යටතේ පැවැති තරගවලදී මරදාන ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව ලකුණු 25-10 ක ජයක් වාර්තා කිරීමට ශාන්ත පීතරයෝ සමත් වූහ. එහිදී ලකුණු 27-14 ක් ලෙස කොළඹ වෙස්ලි විදුහල පරාජය කිරීමට රාජකීය විදුහලත්, ලකුණු 15-13 ක් ලෙස මහනුවර ත්‍රිත්ව විදුහල පරාජය කිරීමට ඉසිපතන විදුහලත් සමත් විය. 
 
එම සිවුවැනි සතිය යටතේ පැවැති සෙසු තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට ගල්කිස්ස සාන්ත තෝමස්, මරදාන සහීරා, මහනුවර කිංග්ස්වුඞ්, ගල්කිස්ස විද්‍යා සහ මහනුවර ධර්මරාජ විදුහල් සමත් වූ අතර ඔවුන් හමුවේ පිළිවෙලින් කොළඹ ඩී.එස්. සේනානායක, මහනුවර විද්‍යාර්ථ, කොළඹ තර්ස්ටන්, මහනුවර ශ්‍රී සුමංගල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල් පරාජයට පත් විය. 
 
 
තරග ප්‍රතිඵල 
ශාන්ත පීතර විදුහල විසින් ලකුණු 25-10 ක් ලෙස ශාන්ත ජෝෂප් විදුහල පරාජය කරන ලදි. 
රාජකීය විදුහල විසින් ලකුණු 27-14 ක් ලෙස වෙස්ලි විදුහල පරාජය කරන ලදි. 
ඉසිපතන විදුහල විසින් ලකුණු 15-13 ක් ලෙස ත්‍රිත්ව විදුහල පරාජය කරන ලදි. 
සාන්ත තෝමස් විදුහල විසින් ලකුණු 29-15 ක් ලෙස ඩී.එස්. සේනානායක විදුහල පරාජය කරන ලදි.
සහිරා විදුහල විසින් ලකුණු 13-10 ක් ලෙස විද්‍යාර්ථ විදුහල පරාජය කරන ලදි.
කිංග්ස්වුඞ් විදුහල විසින් ලකුණු 31-17 ක් ලෙස තර්ස්ටන් විදුහල පරාජය කරන ලදි. 
විද්‍යා විදුහල විසින් ලකුණු 41-12 ක් ලෙස ශ්‍රී සුමංගල විදුහල පරාජය කරන ලදි.
ධර්මරාජ විදුහල විසින් ලකුණු 24-06 ක් ලෙස ශාන්ත අන්තෝනි විදුහල පරාජය කරන ලදි. 

අදහස් (1)

ශා. පීතර - රාජකීය - ඉසිපතන අපරාජිතව ඉදිරියට
  • Ruwan De Silva Monday, 15 July 2024 06:59 PM

    ලංකාවේ රගර් ගහන පාසල් විදියට ඉසිපතන, රොයල්, ජොසප්, පීටර්ස්, තොමස්, ට්‍රිනිටි, කින්ස්වුඩ් වගේ ධනවත් පාසැල් විතරයි ගමේ පාසල් එකක්වත් නෑ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.