Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශාන්ත පීතර අපරාජිතව සුපිරි වටයට
පාසල් රග්බි

ශාන්ත පීතර අපරාජිතව සුපිරි වටයට

editorial - 2024 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පළමු කොටසේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ අද (4 වැනිදා) පැවැති මූලික වටයේ තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට මරදාන ශාන්ත පීතර, කොළඹ ඩී.එස්. සේනානායක සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි යන විදුහල් සමත් විය.

මහනුවර නිත්තවෙල ක්‍රීඩ‍ාංගණයේ පැවැති තරගයේදී මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව ලකුණු 42-03 ක ජයක් වාර්තා කිරීමට ශාන්ත පීතර විදුහල සමත් වූ අතර මෙම ජයත් සමග මූලික වටය තුළ සිය අපරාජිත බව රැකගනිමින් සුපිරි වටයට සුදුසුකම් ලබාගැනීමටද ශාන්ත පීතරයෝ සමත් වූහ. එම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 21-03 ක් ලෙස ශාන්ත පීතර විදුහල ඉදිරියෙන් පසුවිය.

මේ අතර මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ශාන්ත අන්තෝනි විදුහල හමුවේ ලකුණු 25-17 ක් ලෙස මහනුවර ශ්‍රී සුමංගල විදුහලත්, කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ඩී.එස්. සේනානායක විදුහල හමුවේ ලකුණු 42-12 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විදුහලත් පරාජයට පත් විය.

ශාන්ත අන්තෝනි - ශ්‍රී සුමංගල තරගයේ පළමු අර්ධය නිමාවන විට ලකුණු 15-07 ක් ලෙස පෙරමුණ ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත්ව සිටි අතර ඩී.එස්. සේනානායක - විද්‍යා තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට 15-12 ක් ලෙස පෙරමුණ ගැනීමට ඩී.එස්. සේනානායක විදුහල සමත්ව සිටියේය.  


අදහස් (0)

ශාන්ත පීතර අපරාජිතව සුපිරි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.