Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩය යටතේ සෙනසුරාදා (15 වැනිදා) පැවැති පස්වැනි සතියේ තරගයකදී මරදාන සහිරා විදුහලට එරෙහිව ලකුණු 56-07 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය. මෙය ශාන්ත පීතර විදුහල පිට පිටම ලැබූ සිවුවැනි ජය වූ අතර මෙතෙක් සහභාගි වූ තරග සියල්ල ජයගනිමින් ඔවුහු සිය අපරාජිත බව රැකගෙන සිටිති.
මරදාන සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 15-00 ක් ලෙස පෙරමුණ ගැනීමට ශාන්ත පීතර ක්‍රීඩකයෝ සමත් වූහ. මෙම තරගයේදී ගෝල දිනුම් 4 ක්, උත්සාහක දිනුම් 5 ක් සහ දඬුවම් පහරක් මගින් ශාන්ත පීතර විදුහල ලකුණු රැස්කළ අතර සහිරා විදුහල ලකුණු රැස්කළේ ගෝල දිනුමක් මගිනි.
ශාන්ත පීතර විදුහල වෙනුවෙන් පසිඳු බණ්ඩාර සහ ප්‍රනීත් සිල්වා උත්සාහක දිනුම් 3 බැගින්ද, ඒඩ්න් ප්‍රනාන්දු, සුදේෂ් ජයවික්‍රම සහ සදෙව් ගමගේ එක් උත්සාහක දිනුම බැගින්ද වාර්තා කළහ. කුෂාන් තරිඳු සහ රාහුල් ඩි’ පීටර් ප්‍රවර්ථන 2 බැගින් සාර්ථක කර ගත්හ. අල්තාෆ් සාද් සහිරා විදුහල වෙනුවෙන් උත්සාහක දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේ මොහොමඩ් සාජිඩ් විසිනි.
පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩය යටතේ ඉකුත් සෙනසුරාදා පැවැති සෙසු තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට ගල්කිස්ස සාන්ත තෝමස්, කොලඹ රාජකීය, කොළඹ ඉසිපතන සහ මහනුවර ත්‍රිත්ව යන විදුහල් සමත් වූ අතර එම තරගවලදී පිළිවෙලින් මරදාන ශාන්ත ජෝෂප්, මහනුවර ධර්මරාජ, කටුගස්තොට ශාන්ත අන්තෝනි සහ ගල්කිස්ස විද්‍යා යන විදුහල් පරාජයට පත්වූහ.
සෙනසුරාදා (15 වැනිදා) පැවැති තරග
■ මරදාන සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල විසින් ලකුණු 56-07 ක් ලෙස සහිරා විදුහල පරාජය කරන ලදි.
■ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී සාන්ත තෝමස් විදුහල විසින් ලකුණු 26-24 ක් ලෙස මරදාන ශාන්ත ජෝෂප් විදුහල පරාජය කරන ලදි.
■ කොලඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී රාජකීය විදුහල විසින් ලකුණු 36-18 ක් ලෙස මහනුවර ධර්මරාජ විදුහල පරාජය කරන ලදි.
■ කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී කොළඹ ඉසිපතන විදුහල විසින් ලකුණු 37-26 ක් ලෙස කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කරන ලදි.
■ පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේදී මහනුවර ත්‍රිත්ව විදුහල විසින් ලකුණු 56-10 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විදුහල පරාජය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.