Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අද (8 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 25-20 ක ජයක් වාර්තා කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය.
කොළඹ රාජකීය විදුහල් ක්රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට ශාන්ත තෝමස් විදුහල ලකුණු 10-07 ක් ලෙස ඉදිරියෙන් සිටියේය. දෙවැනි අර්ධය තුළ ශාන්ත තෝමසුවන් ලකුණු 10 ක්ද, ඉසිපතන ක්රීඩකයන් ලකුණු 13 ක්ද ලබාගැනීම හේතුවෙන් තරගයේ නියමිත කාලය නිමාවට පත්වන විට ලකුණු 20-20 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයේ පසුවිය.
එබැවින් ජයග්රාහකයා තීරණය කිරීම සඳහා අතිරේක කාලයක් ලබාදුන් අතර එහිදී උත්සාහක දිනුමක් ලබාගත් ශාහිඩ් සුම්රි, ඉසිපතන විදුහල ජයග්රහණය කරා ගෙන ගියේය. මෙම තරගයේදී ඉසිපතන විදුහල ගෝල දිනුමක්, උත්සාහක දිනුම් 3 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කළ අතර සාන්ත තෝමස් විදුහල ලකුණු රැස්කළේ ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහර 2 ක් මගිනි.
ඒ අනුව කොළඹ රාජකීය විදුහල් ක්රීඩා සංකීර්ණයේදී එළබෙන 15 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයේදී ශාන්ත පීතර විදුහලට එරෙහිව ඉසිපතන විදුහල තරග බිමට පිවිසෙනු ඇත. මෙවර අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට ක්රීඩා කළේද මෙම කණ්ඩායම් දෙකය..
(ඡායාරූප - කුෂාන් පතිරාජ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.