Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් සංගමය, ඩයලොග් සමාගමේ අනුග්‍රහය යටතේ, සංවිධානය කළ සංවර්ධන පාසල් සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ගොඩකවෙල කුලරත්න මැදි විදුහල සමත් විය.
අවසන් මහ තරගයේදී කෑගල්ල ස්වර්ණ ජයන්ති මහ විදුහල පරාජය කරමින් කුලරත්න මැදි විදුහල් ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ.
කෑගල්ල, රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 14 න් පහළ මෙම තරගාවලිය සඳහා පිට පළාත් පාසල් රැසක් සහභාගි වූ අතර සංවර්ධනය වෙමින් පවතින පාසල් තුළ රග්බි ක්‍රීඩාව ප්‍රචලිත කිරීම තරගාවලියේ අරමුණ විය.
කුලරත්න විදුහල් කණ්ඩායම ජයග්‍රහණය සමරන අයුරු ඡායාරූපයේ දැක්වේ. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ලේකම් නිරෝධ විජේරාම, සභාපති බී.ඒ. අබේරත්න, භාණ්ඩාගාරික දමිත පෙරේරා සහ ඩයලොග් සමාගමේ කෑගල්ල දිස්ත්‍රික් කලමනාකරු චමින්ද ලක්මාල් යන මහත්වරුද ඡායාරූපයේ සිටිති.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.