Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
අන්තර් සමාජ රග්බි ලීගයේ 8 වැනි සතිය යටතේ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ඉරිදා (2 වැනිදා) පස්වරු 6.15 සිට හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ තරග බිමට පිවිසෙනු ඇත.
සී.ආර්. කණ්ඩායම මේ වන විට ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර හැව්ලොක්ස් කණ්ඩායම එහි දෙවැනි ස්ථානයේ පසුවේ. එබැවින් මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනු ඇති අතර පරාජයට පත්වන කණ්ඩායම තෙවැනි ස්ථානය දක්වා පසුබසිනු ඇත.
සී.ආර්. කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරග 6 ම ප්‍රසාද ලකුණද සමග ජයගනිමින් ලකුණු 36 ක් ලබා සිටින අතර හැව්ලොක්ස් කණ්ඩායම ලකුණු 36 ක් ලබා සිටින්නේ සහභාගි වූ තරග 7 න් 6 ක් ප්‍රසාද ලකුණ සමග ජය ගනිමිනි. මහනුවර කණ්ඩායම ප්‍රසාද ලකුණු 5 ක් සමග තරග 6 ක් ජයගනිමින් ලකුණු 35 ක් ලබා තෙවැනි ස්ථානයේ රැදී සිටියි.
අටවැනි සතිය ආරම්භ කරමින් නාවික හමුදාවට එරෙහිව යුද හමුදාව හෙට (31 වැනිදා) වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසෙනු ඇත. සෙනසුරාදා (1 වැනිදා) දිනයේදී තවත් තරග 2 ක් පැවැත්වෙන අතර එහිදී පොලිසියට එරෙහිව මහනුවර ක්‍රීඩා සමාජයද, ගුවන් හමුදාවට එරෙහිව ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයද තරග වදිනු ඇත.
එම තරග දෙක පිළිවෙලින් බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී සහ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර හෙට සහ අනිද්දා පැවැත්වෙන තරගය 3 ම පස්වරු 3.45 ට ආරම්භ වීමට නියමිතය. සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට මෙම සතියේදී විවේකයක් හිමිව තිබේ.
අටවැනි සතියේ තරග කාලසටහන
■ ජන. 31 වැනිදා - නාවික හමුදාව සහ යුද හමුදාව අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පස්වරු 3.45 සිට
■ පෙබ. 1 වැනිදා - පොලිසිය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී - පස්වරු 3.45 සිට
■ පෙබ. 1 වැනිදා - ගුවන් හමුදාව සහ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පස්වරු 3.45 සිට
■ පෙබ. 2 වැනිදා - හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පස්වරු 6.15 සිට
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.