Last Update  :  2025-03-10 14:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. ක්‍රීඩකයෝ අපරාජිත බව රැකගනිති
අන්තර් සමාජ පළමු පෙළ

සී.ආර්. ක්‍රීඩකයෝ අපරාජිත බව රැකගනිති

editorial - 2025 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ හයවැනි සතිය යටතේ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර සෙනසුරාදා (18 වැනිදා) ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 27-22 ක ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. 

මෙවර තරගාවලියේදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණද සමග පිට පිටම ලැබූ 5 වැනි ජය මෙය වූ අතර සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලැබූ සිවුවැනි පරාජයද මෙය විය. කෙසේ වුවත් ලකුණු 7 කට අඩු පරතරයකින් පරාජය වීම හේතුවෙන් සී.එච්. කණ්ඩායමටද එහිදී එක් ප්‍රසාද ලකුණක් හිමිවිය. 

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 19-10 ක් ලෙස පෙරමුණ ගෙන සිටි සී.ආර්. කණ්ඩායමට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 8 ක් පමණි. සී.එච්. කණ්ඩායම දෙවැනි අර්ධයේදී ලකුණු 12 ක් ලබාගත්තද පළමු අර්ධය අවසානයේ දෙපිල අතර පැවැති ලකුණු පරතරය අනුව තරගයේ ජය සී.ආර්. කණ්ඩායමට හිමි විය. 

පළමු අර්ධයේදී ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් සී.ආර්. ක්‍රීඩකයන් දෙවැනි අර්ධයේදී ලකුණු රැස්කළේ උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි. සී.එච්. ක්‍රීඩකයෝ පළමු අර්ධයේදී ගෝල දිනුමක් සහ ඩ්‍රොප් ගෝලයක් මගින්ද, දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාක දිනුමක් මගින්ද ලකුණු ලබාගත්හ. 


අදහස් (0)

සී.ආර්. ක්‍රීඩකයෝ අපරාජිත බව රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.