Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පස්වැනි සතිය නිමාවට පත්වන විට ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත්ව තිබේ. ඒ මුල් සති 4 පුරා ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි මහනුවර ක්‍රීඩා සමාජය පසුපසට ඇද දමමිනි.
මේ වන විට තරග 4 කට සහභාගි වී ඇති සී.ආර්. කණ්ඩායම, ප්‍රසාද ලකුණු 4 ක්ද සමග එම තරග 4 ම ජයගෙන සිටින අතර මහනුවර කණ්ඩායම තරග 4 කට සහභාගි වී එම තරග 4 ම ජයගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 3 ක් සමගිනි. ඒ අනුව සී.ආර්. කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර ඇත්තේ ලකුණක පරතරයකි.
හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය මේ දක්වා තරග 5 කට සහභාගි වී ඇති අතර ප්‍රසාද ලකුණු 4 ක් සමග තරග 4 ක් ජයගැනීමට සමත්ව සිටියි. එක් තරගයක් පරාජයට පත්ව තිබුණද මුලු ලකුණු සංඛ්‍යාව අනුව ඔවුන් ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉහළ නැග තිබේ. හැව්ලොක්ස් කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතරද ලකුණක පරතරයක් ඇත.
කෙසේ වුවත් තවමත් තරගාවලිය තුළ අපරාජිතව සිටින කණ්ඩායම් දෙක වන්නේ සී.ආර්. කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම පමණි. සෙසු සෑම කණ්ඩායමක්ම එක් තරගයක් හෝ පරාජයට පත්ව තිබේ. සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම ප්‍රසාද ලකුණු 3 ක් සමග තරග 2 ක් ජයගෙන ලකුණු 13 ක් ලබා ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ පසුවේ.
මෙම තරගාවලියේදී තරගයක් ජය ගැනිම වෙනුවෙන් කණ්ඩායමකට ලකුණු 5 ක් හිමිවන අතර තරගයක් සම වුවහොත් කණ්ඩායම් දෙකටම ලකුණු 3 බැගින් හිමිවනු ඇත.
කණ්ඩායමකට ප්‍රසාද ලකුණක් හිමිවන්නේ තරගයකදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් ලබාගතහොත් හෝ ලකුණු 7 කට අඩු පරතරයකින් තරගයක් පරාජයට පත්වුවහොත් පමණි.
පස්වැනි සතියේ තරග ප්‍රතිඵල
■ පොලිසිය ලකුණු 23-20 කින් නාවික හමුදාව පරදවයි.
■ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 19-17 කින් යුද හමුදාව පරදවයි.
■ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලකුණු 43-13 කින් ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය ක්‍රීඩා සමාජය පරදවයි.
■ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 27-16 කින් ගුවන් හමුදාව පරදවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.