Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ හත්වැනි සතිය යටතේ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්රීඩා සමාජය සහ පොලිසිය අතර සෙනසුරාදා (25 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 40-20 ක ජයක් වාර්තා කිරීමට සී.ආර්. ක්රීඩා සමාජය සමත් විය.
සී.ආර්. කණ්ඩායම මෙම තරගාවලියේදී ලැබූ හයවැනි ජය මෙන්ම පොලිසිය කණ්ඩායම මෙම තරගාවලියේදී ලැබූ පස්වැනි පරාජයද මෙය විය. එහිදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් වාර්තා කිරීම හේතුවෙන් සී.ආර්. කණ්ඩායමට ප්රසාද ලකුණක්ද හිමිවිය.
ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 17-14 ක් ලෙස පෙරමුණ ගැනීමට පොලිසිය සමත් විය. එහෙත් දෙවැනි අර්ධයේදී අක්රමණශීලී අයුරින් තරගයට අවතීර්ණ වූ සී.ආර්. ක්රීඩකයෝ ලකුණු 26 ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතුකර ගත්හ. පොලිස් කණ්ඩායමට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 3 ක් පමණි.
පළමු අර්ධයේදී ගෝල දිනුම් 2 ක් සමගින් ලකුණු ලබාගත් සී.ආර්. ක්රීඩකයන් දෙවැනි අර්ධයේදී ලකුණු රැස්කළේ ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුමක් මගිනි. පොලිස් ක්රීඩකයෝ පළමු අර්ධයේදී ගෝල දිනුම් 2 ක් සහ ඩේරප් ගෝලයක් මගින්ද, දෙවැනි අර්ධයේදී තවත් දඬුවම් පහරක් මගින්ද ලකුණු ලබාගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.