Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.එච්. - යුද හමුදා තරගය සම වෙයි

සී.එච්. - යුද හමුදා තරගය සම වෙයි

editorial - 2022 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ තෙවැනි සතිය යටතේ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සහ යුද හමුදාව අතර අද (30 වැනිදා) පැවැති තරගය 31-31 ක් ලෙස ලකුණු සම වීමෙන් ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය.

කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-14 ක් ලෙස සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ. දෙවැනි අර්ධයේදී සී.එච්. ක්‍රීඩකයන් ලකුණු 14 ක් රැස්කරද්දී, ලකුණු 17 ක් රැස්කළ යුද හමුදා ක්‍රීඩකයෝ තරගය සම තත්ත්වයට පත් කළහ.

මෙම තරගයේදී සී.එච්. කණ්ඩායම වෙනුවෙන් ප්‍රසාත් මධුසංක, නෙත්මින හිරුෂ, උදාර ජයප්‍රිය සහ දිනුක් අමරසිංහ යන ක්‍රීඩකයෝද, යුද හමුදාව වෙනුවෙන් සුදාරක දික්කුඹුර, ළහිරු රත්නායක සහ මොහොමඩ් අක්‍රම් යන ක්‍රීඩකයෝද උත්සාහක දිනුම් ලබාගත්හ.
එහිදී ප්‍රවර්ථන 4 ක් සාර්ථක කරගත් නෙත්මින හිරුෂ, ඩ්‍රොප් ගෝලයක්ද ලබාගනිමින් සී.එච්. කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූ අතර යුද හමුදාව වෙනුවෙන් චතුරංග දිල්ෂාන් ප්‍රවර්ථන 4 ක්ද, ලසන්ත කුමාර දඬුවම් පහරක්ද සාර්ථක කරගත්හ.

තරගයේ 81 වැනි විනාඩියේදී සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමේ අංජුල රවිඳුද, 82 වැනි විනාඩියේදී යුද හමුදා කණ්ඩායමේ සුදාකර දික්කුඹුරද විනිසුරුගේ දැඩි අවවාද සමග කහ පැහැති කාඩ්පත් ලැබූහ.

 

 


අදහස් (0)

සී.එච්. - යුද හමුදා තරගය සම වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.