Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ හයවැනි සතිය යටතේ කොළඹ, රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී අද (14 වැනිදා) පැවැති තරගයෙන් පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 18-12 ක ජයක් වාර්තා කිරීමට සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. මෙම ජයත් සමග ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද සී.එච්. කණ්ඩායමට හැකි විය.
පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 18-07 ක් ලෙස පෙරමුණ ගැනීමට සී.එච්. ක්‍රීඩකයන් සමත් වුවද, දෙවැනි අර්ධයේදී ඔවුහු ලකුණු රැස්කිරීමට අපොහොසත් වූහ. පොලිසිය දෙවැනි අර්ධයේදී ලකුණු 5 ක් ලබාගත් නමුත්, පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව සී.එච්. කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමිවිය.
එහිදී සී.එච්. කණ්ඩායම උත්සාහක දිනුම් 3 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් අතර පොලිසිය ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගිනි. එහිදී සී.එච්. කණ්ඩායමේ ගිහාන් පෙරේරා 36 වැනි විනාඩියේදීද, අංජුල රවින්ද්‍ර 38 වැනි විනාඩියේදීද, මලික්ෂ පෙරේරා 66 වැනි විනාඩියේදීද, දුෂ්මන්ත ප්‍රියදර්ශන 71 වැනි විනාඩියේදීද විනිසුරුගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පත් ලැබූහ.
සී.එච්. කණ්ඩායම වෙනුවෙන් අබ්සාල් මොහොමඩ් (6 වැනි විනාඩියේදී), ගිම්හාන් මිනුර (20 වැනි විනාඩියේදී) සහ ගිහාන් පෙරේරා (29 වැනි විනාඩියේදී) උත්සාහක දිනුම් ලබාගත්හ. එම උත්සාහක දිනුම්වල ප්‍රවර්ථනයන් සාර්ථක කරගැනීමට නොහැකි වුවද, 15 වැනි විනාඩ්යේදී සී.එච්. කණ්ඩායමට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගනු ලැබුවේ හිරුෂ නෙත්මින විසිනි.
හිරන්ත පෙරේරා 39 වැනි විනාඩියේදීද, මිතුන් හපුගොඩ 44 වැනි විනාඩියේදීද පොලිසිය වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් පළමුවැන්නේ ප්‍රවර්ථනය සාර්ථක කරගනිමින් එය ගෝල දිනුමක් බවට පරිවර්ථනය කිරීමට යොහාන් පීරිස් සමත් විය.
ඡායාරූප - නිසල් බදුගේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.