Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතිය යටතේ මහනුවර ක්රීඩා සමාජය සහ හැව්ලොක්ස් ක්රීඩා සමාජය අතර සෙනසුරාදා (4 වැනිදා) කොළඹ හැව්ලොක්ස් ක්රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 24-20 ක අතිශය තියුණු ජයක් වාර්තා කිරීමට මහනුවර ක්රීඩා සමාජය සමත් විය.
මෙම තරගයේදී ලැබූ පරාජයත් සමග හැව්ලොක්ස් කණ්ඩායම පිට පිටම තරග 3 ක් ජයගනිමින් මේ දක්වා තරගාවලිය තුළ රැකගෙන සිටි අපරාජිත බව බිඳවැටිණ. එහෙත් එහිදී ලකුණු 7 කට අඩු පරතරයකින් පරාජය වීම හේතුවෙන් ඔවුන්ට එක් ප්රසාද ලකුණක් හිමි විය. එහිදී ලැබූ ජයත් සමග මහනුවර ක්රීඩකයෝ තවදුරටත් සිය අපරාජිත බව රැකගත්හ.
පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 20-10 ක් ලෙස පෙරමුණ ගැනීමට හැව්ලොක්ස් කණ්ඩායම සමත් වුවද, දෙවැනි අර්ධයේදී ඔවුන්ට ලකුණු රැස්කිරීමට මහනුවර ක්රීඩකයෝ අවස්ථාවන් ලබා නොදුන්හ. පළමු අර්ධය අවසානයේ ලකුණු 10 ක් පසුපසින් සිටි මහනුවර ක්රීඩකයෝ, දෙවැනි අර්ධයේදී දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වෙමින් ලකුණු 14 ක් රැස්කිරීමට සමත් වූහ.
හැව්ලොක්ස් ක්රීඩකයෝ පළමු අර්ධයේදී ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලකුණු රැස්කළහ. පළමු අර්ධයේදී ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කළ මහනුවර ක්රීඩකයන්, දෙවැනි අර්ධයේදී ලකුණු රැස්කළේ ගෝල දිනුම් 2 ක් මගිනි. මෙම තරගයේදී අනතුරු දායක අවහිර කිරීමක නිරත වීම හේතුවෙන් මහනුවර කණ්ඩායමේ කවිඳු පෙරේරාට විනිසුරුගෙන් රතු කාඩ් පතක් ලබා පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.