Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පස්වැනි සතිය යටතේ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර සෙනසුරාදා (11 වැනිදා) විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති තරගයෙන් ලකුණු 43-13 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත් විය.
හැව්ලොක්ස් කණ්ඩායම මෙම තරගාවලියේදී ලැබූ සිවුවැනි ජය මෙන්ම ශ්‍රී ලයන්ස් කණ්ඩායම මෙම තරගාවලියේදී ලැබූ සිවුවැනි පරාජයද මෙය විය. එහිදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් වාර්තා කිරීම හේතුවෙන් හැව්ලොක්ස් කණ්ඩායමට ප්‍රසාද ලකුණක් හිමි විය.
කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 31-03 ක් ලෙස පෙරමුණ ගත් හැව්ලොක්ස් ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී සිය ලකුණු මල්ලට තවත් ලකුණු 12 ක් එක්කර ගත්හ. ශ්‍රී ලයන්ස් කණ්ඩායමට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි.
පළමු අර්ධයේදී ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුම් 2 ක් සමගින් ලකුණු ලබාගත් හැව්ලොක්ස් ක්‍රීඩකයන් දෙවැනි අර්ධයේදී ලකුණු රැස්කළේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගිනි. ශ්‍රී ලයන්ස් ක්‍රීඩකයෝ පළමු අර්ධයේදී දඬුවම් පහරක් මගින්ද, දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුම් 2 ක් මගින්ද ලකුණු ලබාගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.