Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ හයවැනි සතියේ දෙවැනි තරගය ලෙස මහනුවර ක‍්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් පිල අතර හැව්ලොක්ස් පිටියේදී ඊයේ (02) පස්වරුවේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති තරගයෙන් මහනුවර ක‍්‍රීඩකයෝ ලකුණු 18-8 ක ජයක් ලැබීමට සමත් වූහ.
මහනුවර පිල මෙම ජයග‍්‍රහණයත් සමග මෙවර තරගාවලියේ පළමු වටයේ මේ දක්වා සහභාගි වූ තරග හයම ජය ලබමින් අපරාජිත වාර්තාව රැකගත්තේය. ඒ අනුව මහනුවර පිල පළමු වටයේ ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට ද සමත් විය.
හැව්ලොක්ස් පිලේ මෙම පරාජයත් සමග අපරාජිත වාර්තාව බිද වැටුණි.
ජයග‍්‍රාහි මහනුවර පිල ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු ලැබීය. හැව්ලොක්ස් පිලට උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.
හැව්ලොක්ස් පිලට දෙවැනි අර්ධයේ 11 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර රිම්සි ජමාල්ඞීන් සාර්ථක කිරීමත් සමග ලකුණු පුවරුව 8-3 ක් බවට පත්විය. නායක ෆාෂිල් මරීජා සම්පූර්ණ කළ උත්සාහක දිනුම රොෂාන් වීරරත්න ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කිරීමත් සමග මහනුවර පිල තව දුරටත් පෙරමුණට පැමිණියේය.
අර්ෂාඞ් ජමාල්ඞීන් දඩුවම් පහරක් සාර්ථක කරමින් තරගය අවසන් වීමට මිනිත්තු කීපයක් තිබියදී ලකුණු පුවරුව 18-3 ක් බවට පත් කළේය. හැව්ලොක්ස් පිලේ නිෂෝන් පෙරේරා දෙවැනි අර්ධයේ 36 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු තත්ත්වය 18-8 ක් බවට පත් කළ ද එය ජය ලැබීමට ප‍්‍රමාණවත් නොවීය.
මෙම තරගය බලාපොරොත්තු වූ පරිදිම කරට කර තරගයක් බවට පත්වෙමින් ශ‍්‍රී ලංකා රග්බි පේ‍්‍රක්‍ෂකයන්ට හොද තරගයක් නැරඹීමේ අවස්ථාව උදාකර දුන්නේය.
පළමු අර්ධයේ 10 වැනි මිනිත්තුවේදී අර්ෂාඞ් ජමාල්ඞීන් දඩුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු පුවරුව ක‍්‍රියාත්මක කිරීමේ ගෞරවය මහනුවර පිලට හිමිකර දුන්නේය.
මහනුවර පිලේ විශ්වමිත‍්‍ර ජයසිංහ 30 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු 8-0 ක් ලෙස මහනුවර පිල පෙරමුණට ගත් අතර ලකුණු 8-0 ක්ව තිබියදී පළමු අර්ධය අවසන් විය.
නාවික හමුදා පිල සහ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර ලොන්ඩන් පෙදෙසේදී ඊයේ (02) පැවැති තරගයෙන් නාවික හමුදා ක‍්‍රීඩකයෝ ලකුණු 21-20 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.