Last Update  :  2024-12-26 18:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby හැව්ලොක්ස්ලා තල්ලු කරන්න කීර්තිමත් නම් 5 ක්
අන්තර් සමාජ රග්බි

හැව්ලොක්ස්ලා තල්ලු කරන්න කීර්තිමත් නම් 5 ක්

editorial - 2024 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ පැරණිතම මෙන්ම කීර්තිමත් රග්බි ක්‍රීඩා සමාජයක් වන හැව්ලොක් ක්‍රීඩා සමාජයේ රග්බි කණ්ඩායමට 2024 - 2025 තරගවාරයේදී අනුග්‍රහය දැක්වීම සඳහා ප්‍රධාන පෙළේ සමාගම් 5 ක් ඉදිරිපත්ව සිටිති. මෙම සමාගම් අතුරින් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් ‘කැප් ෆිසී’ (පෞද්ගලික) සමාගම කටයුතු කරයි. 

ශක්ති ජනක පානයක් වශයෙන් ‘ටර්බෝ’ හඳුන්වාදෙන ‘කැප් ෆිසී’ (පෞද්ගලික) සමාගම, ජලය නොවන අතිරේක පාන වර්ග නිපැයුම් ක්ෂේත්‍රයට පිවිසි නවතම සමාගමයි. හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ ‘කැප් ෆිසී’ (පෞද්ගලික) සමාගම වසර තුනක කාලයක් සඳහා ගිවිසුම්ගත වී සිටිති. 

සුප්‍රකට ඕස්ටේ්‍රලියානු ක්‍රීඩා සන්නාමයක් වන ‘ෆ්ලයිහයිස්පෝට්ස්’ පිට පිටම තුන්වැනි වසරටත් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ රග්බි කණ්ඩායමේ අනුග්‍රාහකයා වශයෙන් කටයුතු කරයි.
 එය අද වන විට ආසියානු සහ පැසිපික් කලාපයේ ක්‍රීඩා සන්නාම අතරේ ඉහළින්ම තිබෙන විශ්වාසදායක සන්නාමයක් බවට පත්ව තිබේ. විශේෂයෙන් ඕස්ටේ්‍රලියාවේදී සහ නවසීලන්තයේදී ‘ෆ්ලයිහයිස්පෝට්ස්’ ක්‍රීඩා ඇඳුම් සඳහා සෑම වයස් කාණ්ඩයකම වැඩි ඉල්ලුමක් පවතී.

‘ලංකා හොස්පිට්ල්ස්’ සමාගම හැව්ලොක්ස් රග්බි කණ්ඩායමට සෞඛ්‍ය සේවාව සපයන්නාය. විශිෂ්ටත්වය තුළින් විශ්වාසනීය සෞඛ්‍ය ප්‍රතිලාභ අත්පත් කරදීමට උත්සාහ කිරීම ‘ලංකා හොස්පිට්ල්ස්’ සමාගමේ අභිප්‍රායයි.

2024 - 2025 තරග වාරයේදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ සම අනුග්‍රාහකයන් ලෙසින් ප්‍රීමා සමාගම (දෙවැනි වරටත්) සහ ඒ.එල්.එෆ්.ටී. ඇසුරුම් සමාගම කටයුතු කරති. 

ප්‍රමුඛ පෙළේ පෝෂණ සැපයුම්කරුවෙකු ලෙස, තරුණ අරමුණු වෙනුවෙන් ප්‍රීමා සමාගම පුරෝගාමී දායකත්වයක් ලබා දී ඇත. තාරුණ්‍යය ක්‍රීඩාවෙන් සවිබල ගැන්වීම පිටුපස ඇති බලවේගයක් ලෙසින් ප්‍රීමා සමාගම රග්බි, ක්‍රිකට්, ගොල්ෆ්, මලල ක්‍රීඩා සහ අනෙකුත් ක්‍රීඩා වල නිරතව සිටින දක්ෂයින්ටද ක්‍රීඩාවේ ඉහළම මට්ටම් කරා ළඟා වීමට සහාය වී ඇත. 
ඒ.එල්.එෆ්.ටී. ඇසුරුම් සමාගම 2017 දී පිහිටුවන ලද්දකි. ජාත්‍යන්තර ප්‍රමිතියක් ඇතිව, උසස් තත්ත්වයේ මෙන්ම ඊළඟ පරම්පරාවේ ඇසුරුම්කරණ විසඳුම් සඳහා දකුණු ආසියාවේ අත්‍යවශ්‍ය ඉල්ලුමක් සැපයීම සඳහා එය ආරම්භ කරන ලදි. ක්‍රීඩාවෙන් උපදවනු ලබන බලය මගින් පුද්ගලයන්ගේ චරිතය ගොඩනඟන බවත්, නායකත්ව කුසලතා වැඩි දියුණු කරන බවත්, තරුණයන්ගේ අනාගතය හැඩගස්වන කණ්ඩායම් ක්‍රියාකාරකම්, නොපසුබට උත්සාහය සහ පක්ෂපාතිත්වය යන වටිනාකම් නිර්මාණය කරන බවත් ඒ.එල්.එෆ්.ටී. ඇසුරුම් සමාගම විශ්වාස කරන බැවින් ඔව්හු හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමගින් අත්වැල් බැඳගෙන සිටිති. 

මෙවර රග්බි ක්‍රීඩා වාරයේදී තමන්ට සහාය දැක්වීම සම්බන්ධයෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා සහ කමිටුව මෙම සමාගම් පහේම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට අවංක ප්‍රණාමය පුද කිරීමටත්, ඔවුන් සියලු දෙනාගේම ව්‍යාපාරික අභිමතාර්ථයන් සාර්ථක වේවායි යයිද ප්‍රාර්ථනා කරති. 

ශාන්ත පීතර විද්‍යාලයේ හිටපු රග්බි ක්‍රීඩකයකු වන අබ්දුල්ලා ෆායිස් 2024 - 2025 තරගවාරයේදී හැව්ලොක්ස් රග්බි කණ්ඩායමේ නායකත්වය දරයි. සන්දේශ් ජයවික්‍රම උප නායකයා ලෙසින් කටයුතු කරයි. 

ශ්‍රී ලංකාවේ කාන්තා රග්බි ක්‍රීඩාව නංවාලීම සඳහා හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය කාන්තා රග්බි කණ්ඩායමක් ද හඳුන්වා දී තිබේ. ලේහා ගමගේ හැව්ලොක්ස් කාන්තා කණ්ඩායමේ නායිකාව වන අතර චමෝදි සත්සරණි උප නායිකාව ලෙසින් කටයුතු කරන්නීය.
 
හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම පසුගිය වාරයේදී ඔවුන්ගේ ගිවිසුම් අවසන් කළහ. එබැවින් ශාන්ත පීතර, ඉසිපතන, ඩී.එස්. සේනානායක, ත්‍රිත්ව සහ වෙස්ලි විද්‍යාල වලින් පැමිණි දක්ෂතම පාසල් රග්බි ක්‍රීඩකයින් 12 දෙනකුට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ දොරටු විවෘත වී තිබේ. 

හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස සාලිය කුමාර තවදුරටත් සේවය කරන අතර ඔහුට ධනුෂ්ක බොතේජුගේ සහයද හිමිවේ. ශාරීරික ශක්තිවර්ධන සහ උපයෝගිතා තත්ත්වය පවත්වාගැනීමේ පුහුණුකරු ලෙස කේ. සුනිමල් රැඳී සිටිනු ඇත.

පසුගිය වසර 5 තුළ ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩා සමාජ ශ්‍රේණිගත කිරීම් අතරේ ඉදිරියෙන්ම සිටි කණ්ඩායම් 3 අතර හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයත් සිටියේය.

- 213


අදහස් (0)

හැව්ලොක්ස්ලා තල්ලු කරන්න කීර්තිමත් නම් 5 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.