Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හයකොන් රග්බි ශූරතාවලියේ සිය හොඳම දස්කම ඊයේ (10 වැනිදා) විදහා පෑ අයර්ලන්ත ක්‍රීඩකයෝ ප්‍රංශය ලකුණු 26-14 කින් පරාජය කරමින් කුසලානය කෙරේ ආසන්න වී සිටින කණ්ඩායම් දෙකටම අනියක් පීඩනයක් එල්ල කරමින් සිටිති.
උත්සාහක දිනුම් 4ක්ම තැබීමෙන් අයර්ලන්තයට ප්‍රසාද ලකුණක් ද එක්වූ අතර ඒ අනුව දැන් ඔවුන් සමස්ත ලකුණු සටහනේ තුන්වැනි තැන පසුවන්නේ මුළු ලකුණු 14ක් රැස් කරමිනි. පෙරමුණේ පසුවන වේල්සය ලකුණු 16ක් ද, දෙවැනි තැන සිටින එංගලන්තය ලකුණු 15ක් ද ලබා කුසලානයට කුරුමානම් අල්ලමින් සිටී.
ඩබ්ලින් හී පැවැති මේ තරගයේ පළමු භාගයේදී උත්සාහක දිනුම් 3ක් තැබීමට අයර්ලන්තය සමත්වූ අතර ඉන් දෙකක්ම ගෝල් කණුව අතරින් රිංගා යැවීමට ජොනී සැක්ස්ටන් සමත්වීමෙන් පළමු භාගය නිමාවට පත්වූයේ ලකුණු 19-0 කින් අයර්ලන්තයට වාසිය ලබාදෙමිනි.
වෙනස්කම් 6ක් සමග තරගයට එක්වූ අයර්ලන්තයට පළමු උත්සාහක දිනුම ගෙනදීමට රෝරි බෙස්ට් වැය කළේ මිනිත්තු 2ක් පමණි. ජොනී සැක්ස්ටන් සහ ජැක් කොනැන් ද පළමු භාගයේදී උත්සාහක දිනුම් තබමින් අයර්ලන්ත පිලේ ජයග්‍රහණයට මං විවර කළහ.
අනතුරුව 55 වැනි මිනිත්තුවේදී කීත් අර්ල්ස් තැබූ අගනා උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කළ සැක්ස්ටන් අයර්ලන්තය ලකුණු 26-0 කින් පෙරමුණ ගනිද්දී ප්‍රංශ ක්‍රීඩකයන්ට පරාජය අත වනන්නට පටන් ගෙන තිබිණ. එසේ වුවත් අවසන් මොහොතේ නින්දෙන් අවදිවූවන් සේ ක්‍රීඩා කිරීමට පටන් ගත් ප්‍රංශ ක්‍රීඩකයෝ පිට පිට ගෝල දෙකක්ම රැස් කරමින් තරගයට යම් කිසි ප්‍රාණයක් එකතු කළහ.
76 වැනි මිනිත්තුවේදී යොහාන් හියුගට් තැබූ උත්සාහක දිනුමත්, අවසන් මිනිත්තුවේ කැමිල් චැට් තැබූ උත්සාහක දිනුමත් දෙකම ගෝල බවට පත් කරනු ලැබුවේ අතිරේක ක්‍රීඩක සෙරින් විසිනි.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.