Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හය කොන් රග්බි තරගාවලියේදී සිය බලාපොරොත්තු අලුත් කරගත් අයර්ලන්තය ඊයේ (9 වැනිදා) මරේෆීල්ඞ් පිටියේදී පැවැති තරගයේදී ස්කොට්ලන්තය ලකුණු 22-13 කින් පරාජය කළේය. මෙම තරගයේදී දෙපිලම කෙතරම් දැඩිව තරග කළේද යත් දෙපිලේම ප්‍රබල ක්‍රීඩකයෝ ආබාධ වලට ලක්වූහ. ස්කොට්ලන්තයේ ප්‍රබලතම ක්‍රීඩකයා වන ෆුල් බෑක් ක්‍රීඩක ස්ටුවර්ට් හොග් මෙන්ම අයර්ලන්තයේ ජොනතන් සෙක්ස්ටන්ද ක්‍රීඩා පිටියෙන් ඉවත්ව ගියේ නොන්ඩි ගසමිනි.
සතියකට ඉහතදී සිය මව් බිමේදීම එංගලන්තය හමුවේ පරාජය වූ නමුත් ඊයේ තරගයේදී සියලු දුර්වලකම් අකාමකා දැමූ අයර්ලන්ත පිල වෙනුවෙන් කොනොර් මරේ, කීත් අර්ල් සහ ජේකබ් ස්ටොක්ඬේල් උත්සාහක දිනුම් ලබාගත්හ.
ස්කොට්ලන්තය වෙනුවෙන් සෑම් ජොන්සන් පළමු උත්සාහක දිනුම ලබාගත් නමුත් දෙවැනි අර්ධයේ සිටම අයර්ලන්ත ක්‍රීඩකයෝ තරගයේ අණසක පැතිරූහ. පළමු භාගයේදී අයර්ලන්ත ක්‍රීඩකයන් අතරට පන්දුව නොගිය තරමය. එහෙත් දෙවැනි අර්ධයේදී පන්දුව දිනාගැනීමෙන් පසුව අයර්ලන්ත ක්‍රීඩකයෝ එය තමන් වෙතම තබා ගත්හ.
ජොනී සෙක්ස්ටන් වෙතින් පහසු ප්‍රවර්තනයක් ගිළිහී ගිය නමුත් විනාඩි කිහිපයකට පසුව පීටර් ඕ’මැහෝනිගෙන් ලබාගත් පන්දුව සෙක්ස්ටන් විසින් නිසි පරිදි ජේකබ් ස්ටොක්ඬේල්ට බාර කිරීමේ ප්‍රතිඵලය වූයේ උත්සාහක දිනුමකි. කොනර් මරේ විසින් එය ගෝල දිනුමක් බවට ප්‍රවර්තනය කරන ලදින් අයර්ලන්තය පෙරට ආවේය.
ජොනී සෙක්ස්ටන් තුවාල ලබා පිටියෙන් ඉවතට ගියද ඔහු වෙනුවෙන් පැමිණි ජෝයි කාබෙරි ද අයර්ලන්තය වෙනුවෙන් ප්‍රවර්තනයක් සාර්ථක කරගත්තේය.
මෙම කණ්ඩායම් දෙක ජපානයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී මේ වසරේ සැප්තැම්බර් 22 වැනිදා යළිත් මුණගැසෙනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.