Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හය කොන් රග්බි ශූරතාවලියේ ඉතිරිව ඇති තීරණාත්මක තරග වට දෙකේදී හිස ඔසවා ගැනීමේ අවස්ථාව උදා කරගනිමින් රෝමයේ දී ඉතාලිය ලකුණු 26-16 කින් පරාජය කළ අයර්ලන්තය කුසලානය අත්පත් කරගැනීමේ බලාපොරොත්තු අලුත් කරගත්තේය.
එංගලන්තය පරාජය කිරීමට වේල්සය සමත්වීමත් සමග පසුගිය වසරේදී ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරයන් ලෙස අපරාජිතව කුසලානය දිනූ ජෝ ෂිමිඩිට්ගේ ගුරුහරුකම් ලබන අයර්ලන්ත පිලට මෙවර එය රැක ගැනීමට තවමත් අවස්ථාව ඉතිරිව තිබේ.
කීත් අර්ල්ස් සහ කොනෝර් මරේ දෙවැනි භාගයේදී තැබූ උත්සාහක දිනුම් නිසා තරගය පුරා උත්සාහක දිනුම් 4 කටම හිමිකම් කියමින් ප්‍රසාද ලකුණක් ද අත්කර ගැනීමට අයර්ලන්තය සමත්වූවත් පළමු භාගය නිමාවනවිට ඔවුන් පසුවූයේ ලකුණු 12-16 ක් ලෙස පසුපසිනි.
පළමු භාගය නිමාවනවිට ලකුණු 4 ක් ඉදිරියෙන් සිටි නමුත් අන්තිමට ලකුණු 9කින් පරාජයට පත්වූ ඉතාලියට තරගයේ අන්තිම මොහොතේ ලැබුණු දඬුවම් පහර සාර්ථක කරගැනීමට හැකිවුවානම් ප්‍රසාද ලකුණක් එකතු කරගැනිමටද අවස්ථාව තිබිණි. පළමු භාගයේ 19 වැනි සහ 25 වැනි මිනිත්තුවලදී දඬුවම් පහර දෙකක් සාර්ථක කරගත් තෝමස් ඇලන්ට ඒ අවස්ථාවේදී නිවැරැදිව ඉලක්කය ගැනීමට නොහැකිවිය.
ඉතාලියේ ඉරණම විසඳුනු අයර්ලන්තයේ පළමු උත්සාහක දිනුම 10 වැනි මිනිත්තුවේදී තබනු ලැබුවේ ක්වින් රූක්ස් විසිනි. ප්‍රතිවාදී ආරක්ෂක වළල්ල කඩා බිඳ දමා ඒ අවස්ථාව රූක්ස්ට උදා කර දුන්නේ ජේකොබ් ස්ටොක්ඬේල් සහ ක්‍රිස් ෆැරල් විසිනි.
එහෙත් ඉන් අනතුරුව 32 වැනි මිනිත්තුවේ සිට මිනිත්තු 6ක් ඇතුළත උත්සාහක දිනුම් දෙකක්ම තබමින් ඉතාලිය සිය ආගන්තුක කණ්ඩායමේ ඉවසීම පරික්ෂා කර බැලීමෙන් අයර්ලන්ත ක්‍රීඩකයෝ අන්දමන්ද වූහ. 32 වැනි මිනිත්තුවේදී එඩොවාඩෝ පැඩොවානිත්, 38 වැනි මිනිත්තුවේදී ලූකා මොරිසිත් තැබූ මේ උත්සාහක දිනුම් ද්විත්වයට පින්සිදු වන්නට පළමු භාගය නිමාවනවිට පෙරමුණ ගැනීමට ඉතාලිය සමත්විය.
අර්ල්ස්ගේ සහ මරේගේ උත්සාහක දිනුම් වාර්තා වූයේ දෙවැනි භාගයේ පිළිවෙළින් 50 වැනි සහ 66 වැනි මිනිත්තුවලදීය. ඒ දෙකම ගෝල බවට ප්‍රවර්තනය කළ මරේ අයර්ලන්ත පිලේ ජයග්‍රහණය තහවුරු කළේය.
සැකසුම : මොහාන් ප්‍රනාන්දු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.