Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ සිවුවැනි සතිය යටතේ හැව්ලොක්ස් පිටියේදී අද (22) පැවැති තරගයේදී ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 36-21 කින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරාජය කිරීමට සමත් වූහ.
ඉසිපතන විදුහල මෙවර තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග හතරම ජය ලබා අපරාජිත වාර්තාව රැකගැනීමට සමත්ව සිටියි.
ජයග‍්‍රාහි ඉසිපතන විදුහල ගෝල 3 කින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු රැස්කර ගත්තේය. ශාන්ත පීතර විදුහල උත්සාහක දිනුම් 3 කින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු ලැබීය.
තරගය ආරම්භ වී තෙවැනි මිනිත්තුවේදී දනිල්ෂ දිසානායක උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු 5-0 ක් ලෙස ශාන්ත පීතර විදුහල පෙරමුණට ගැනීමට සමත් වුවද එම අර්ධයේදී ඉසිපතන විදුහල වෙනුවෙන් රනිඳු ප‍්‍රබෝධ, අනුරාධ රන්කොත්ගේ සහ ඉසුරු ඒකනායක උත්සාහක දිනුම් සම්පූර්ණ කළහ. ගයාන් වික‍්‍රමරත්න ගෝල ප‍්‍රවර්ථනයක් සාර්ථක කරගැනීම නිසා ලකුණු 17-5 ක් ලෙස ඉසිපතන විදුහල පෙරමුණ ගත්තේය.
වගීෂ වීරසිංහ, අනුරාධ රන්කොත්ගේ සහ ශෂ්මික ලක්‍ෂාන් දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුම් තුනක් සම්පූර්ණ කරමින් ඉසිපතන විදුහල පෙරමුණට ගෙන ඒමට සමත් වූහ. ගයාන් වික‍්‍රමරත්න විශිෂ්ට ලෙස ගෝල ප‍්‍රවර්ථන දෙකක් සම්පූර්ණ කරමින් අතිරේක ලකුණු 4 ක් එකතු කළේය.
දෙවැනි අර්ධයේ ශාන්ත පීතර විදුහල් පිල නව සැළැස්මකට අනුව ක‍්‍රීඩා කිරීමෙන් පළමු මිනිත්තු 20 තුළදී එස්. ස්ටෙෆාන් දඩුවම් පහරක්ද, රහල් දෙල්පචිත‍්‍ර උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු 17-13 ක් බවට පත්කරමින් තරගයේ උණුසුම වැඩි කිරීමට සමත් වූහ.
ශාන්ත පීතර විදුහලේ නරේන්ද්‍ර පෙරේරා අවසන් මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කළ ද එය ඉසිපතන ලකුණු සංඛ්‍යාවට ළගාවීමට ප‍්‍රමාණවත් නොවීය.
පළමු අර්ධයේ 37 වැනි මිනිත්තුවේදී ශාන්ත පීතර විදුහල් පිලේ අංක 8 ක‍්‍රීඩක සෙනුර පේ‍්‍රමවර්ධනට විනිසුරු ඩිංගා පීරිස් මහතා රතු කාඞ්පතින් අවවාදකර ඉවත් කිරීම නිසා එම විදුහලට තරගයේ ඉතිරි 43 ක කාලය ක‍්‍රීඩකයන් 14 දෙනකුගෙන් ක‍්‍රීඩා කිරීමට සිදුවිය.
මෙහිදී සෙනුර පේ‍්‍රමවර්ධන, ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයකුගේ හිසට පා පහරක් ගැසූ බවට චෝදනා එල්ල විය. මේ හේතුවෙන් සෙනුරට අවම වශයෙන් මෙම තරගාවලියේ ඉදිරි තරග දෙකකට සහභාගි වීමේ අවස්ථාව අහිමිවීමට ඉඩ තිබේ.
ඡායාරූප - වරුණ කරුණාසේකර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.