Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ පස්වැනි සතිය යටතේ හැව්ලොක්ස් පිටියේදී අද (29) පස්වරුවේ පැවැති තරගයේදී ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 29-23 කින් ගල්කිස්ස විද්‍යා විද්‍යාලය පරාජය කිරීමට සමත් වූහ.
ඉසිපතන විදුහල මෙවර තරගාවලියේ සහභාගි වූ තරග පහම ජය ලබා අපරාජිත වාර්තාව රැක ගැනීමට සමත්ව සිටියි.
ඉසිපතන විදුහල ගෝල 3 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු 29 ක් රැස් කළේය. විද්‍යා විද්‍යාලය ගෝලයකින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු ලැබීය.
කණ්ඩායම් දෙකම වේගයෙන් සහ ශක්තියෙන් සන්නද්ධව සිටීම නිසා මෙම තරගය අවසන් තත්පරය දක්වා ඉතාමත් තියුණු මුහුණුවරක් ගත්තේය. ගයාන් වික‍්‍රමරත්න ඉසිපතන විදුහල වෙනුවෙන් සාර්ථක කළ දඩුවම් පහරින් ලකුණු 29-23 ක් ලෙස ජය තහවුරු කර ගැනිමේ අවස්ථාව උදාවිය.
දෙවැනි අර්ධයේ 31 වැනි මිනිත්තුවේදී විද්‍යා විද්‍යාලයේ එම්. සී. ජේ. සිල්වා උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු 23-26 ක් ලෙස ආසන්නයට පැමිණීමත් සමඟ ඉසිපතන විදුහල් පිල තරමක් සසළ විය.
ඉසිපතන විදුහල පළමු අර්ධ අර්ධයේ පාලනයට සියතට ගනිමින් ලකුණු 21-8 ක් ලෙස ඉදිරියෙන් සිටියේය. එම අර්ධයේදී චමෝද් අංජන, වගීෂ වීරසිංහ සහ හරිත් බණ්ඩාර ඉසිපතනයට උත්සාහක දිනුම බැගින් එකතු කළ අතර ගායාන් වික‍්‍රමරත්න ප‍්‍රවර්ථන තුන සාර්ථක කරමින් අතිරේක ලකුණු 6 ද එකතු කිරීමට සමත් විය.
විද්‍යා විද්‍යාලයට පළමු අර්ධයේදී තරිඳු මධුරංග උත්සාහක දිනුමක් එකතු කළ අතර වී. එස්. හංසජ දඩුවම් පහර සාර්ථක කළේය.
දෙවැනි අර්ධයේ දෙවැනි මිනිත්තුවේදී තරිඳු මධුරංග මීටර 40 ක් පමණ පන්දුව රැගෙන දිවයමින් පන්දුව ගෝල කණු අතර තබමින් සම්පූර්ණ කළ අනගි උත්සාහක දිනුමට වී. එස්. හංසජ අතිරේක ලකුණු දෙක මුසු කිරීමත් සමඟ ලකුණු පුවරුව 21-15 ක් බවට පත්විය.
ඉසිපතන විදුහලට 13 වැනි මිනිත්තුවේදී චමෝද් ප‍්‍රනාන්දු උත්සාහක දිනුමක් එකතු කළ අතර වී. එස්. හංසජ 21 වැනි මිනිත්තුවේදී විද්‍යා විද්‍යාලයට ලැබූණු අඩුවම් පහර සාර්ථක කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.