Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිංගර් කුසලාන අන්තර් පාසල් රග්බි තරගාවලියේ කුසලාන කාණ්ඩයේ ශූරතාව ලෙස කොළඹ ඉසිපතන විදුහල් කණ්ඩායම විසින් දිනාගන්නා ලදි. කොළඹ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) සවස පැවැති තීරණාත්මක තරගයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිල ලකුණු 28-24 කින් පරාජය කළ ඉසිපතන ක්‍රීඩකයෝ වසරේ අගනාම රග්බි කුසලානය තමන් සතුකරගත්හ.
මෙම තරග වාරයේ අපරාජිත කණ්ඩායම් දෙකක් ලෙසින් තරගයට පිවිසියද එය නිමාවූයේ ඉසිපතන විදුහල් පිල පමණක් සිය අපරාජිත වාර්තාව රැකගනිමිනි.
උත්සාහක දිනුමකින්, ගෝල 2 කින් සහ දඬුවම් පහර 3 කින් ඉසිපතන විදුහල ලකුණු ලබාගත් අතර සාන්ත තෝමස් විදුහල ගෝල 2 කින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු ලබාගත්තේය.
පසුගිය වසරේදීත් අන්තර් පාසල් රග්බි තරගාවලියේ ලීග් ශූරතාව දිනාගත් ඉසිපතන විදුහල් පිල මෙහෙයවූ කුෂාන් ඉඳුනිල් පිට පිටම දෙවැනි වසර සඳහාත් සිංගර් ලීග් කුසලාන තම විදුහලට ගෙන ආවේය.
අංක 8 ක්‍රීඩක වගීෂ වීරසිංහ ඉසිපතන විදහල වෙනුවෙන් පළමු උත්සාහක දිනුම ලබාගත් අතර ගයාන් වික්‍රමරත්න විසින් එය ගෝලයක් බවට පත්කරනු ලැබීමත් සමගම 7-0 ක් ලෙසින් ඉසිපතනය ඉදිරියට පැමිණියේය. විනාඩි කිහිපයකින් පසුව යාර 22 සීමාවේදී පන්දුව ලබාගත් වගීෂ එය සුමුදු රන්කොත්ගේ අත පත්කළේය. සුමුදුගෙන් පන්දුව ලබාගත් චමෝද් ප්‍රනාන්දු මීටර 50 ක් පමණ තනිව දිවගොස් ලබාගත් උත්සාහක දිනුමට වික්‍රමරත්නගෙන් අතිරේක ලකුණු එකතු වීමත් සමගම ඉසිපතන විදුහල 14-0 ක් ලෙසින් ඉදිරියට ගියේය.
මීටර 25 සීමාවේදී ලද දඬුවම් පහරක් වෙනුවෙන් ගයාන් වික්‍රමරත්නගේ පාදය නිවැරදිව ක්‍රියාත්මක වූ හෙයින් ඉසිපතනය ලකුණු 17 ක් ලබාගන්නා විටත් ලකුණු පුවරුවේ සාන්ත තෝමසුවන්ගේ පැත්ත හිස්ව පැවතිණ.
එය තරමක විමතියට කරුණක් වූයේ සාන්ත තෝමසුවන්ගේ ඉදිරිපෙළ සවිශක්තිමත් ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ හෙයිනි. එහෙත් පසුබට නොවූ ඉසිපතනයේ ආරක්‍ෂක ක්‍රීඩකයන් නොසැලී සිටි හෙයින් තරගයේ මුල් භාගයේදී ලකුණු ලබාගැනීම සාන්ත තෝමසුවන් සිතූ තරම් පහසු නොවීය.
මේ අතරවාරයේදී ඉසිපතන පිලේ ‘ෆුල් බෑක්’ ක්‍රීඩක ගයාන්ගේ පාදය ඉතාමත් නිවැරදිව ක්‍රියාත්මක වීම නිසා ඉසිපතනය කිසිදු අපහසුවකින් තොරවම ඉදිරියට ඇදුණු අතර තමන්ට ලැබුණු සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගැනීමට ඉසිපතන ක්‍රීඩකයෝ සමත් වූහ. එහි අනුයාත ප්‍රතිඵලය වූයේ ඉසිපතනයට තරගයේ මුල සිටම වාසිය ලබීමයි.
මේ අතරවාරයේදී ඉසිපතන ක්‍රීඩකයකු ඔසවා ගැනීම නිසා තෝමසුවන්ගේ විඟර් ක්‍රීඩක නවීන් හේනකංකානම්ගේට අවවාද කෙරිණ.
අඩහෝරාවකට පමණ පසුව, සචිත ජයතිලක ලබාගත් උත්සාහක දිනුමට අශ්වන්ත හේරත් වෙතින් අතිරේක ලකුණු එක්වීමත් සමගම සාන්ත තෝමස් ලකුණු පුවරුව ක්‍රියාත්මක වීම ඇරඹිණ. ඉසිපතනයේ ආරක්‍ෂක වළල්ල කඩාගෙන ඉදිරියට ඇදුණු ධනුජ විජේරත්න ලබාගත් උත්සාහක දිනුමත් සමගින් ලකුණු පරතරය 17-12 ක් ලෙසින් අඩු කිරීමට සාන්ත තෝමසුවෝ සමත් වූහ. එහෙත් එහි ප්‍රවර්ථනය හේරත් වෙතින් මඟ හැරී නොගියා නම් ලකුණු පරතරය තවත් අඩු වන්නට තිබිණ.
පළමු අර්ධයේ අවසානය පෙනි පෙනී තිබියදී ගයාන් වික්‍රමරත්න නැවත වරක් ක්‍රියාත්මක වූ හෙයින් විවේක කාලය වන විට 20-12 ක් ලෙස ඉසිපතනය ඉදිරියේ පසුවිය.
විවේක කාලයෙන් පසුව යළිත් ක්‍රියාත්මක වූ ගයාන් ලකු-ණු 23-12 ක් ලෙස තම පිල ඉදිරියට ගෙන ගියේ දඬුවම් පහරක් සාර්ථක කරගනිමිනි. තරගයේ 65 වැනි විනාඩියේදී නැවත වරක් පන්දුව ඩැහැගත් වගීෂ වීරසිංහ මීටර 70 ක් පමණ දුරක් තනිව දිවයමින් ලබාගත් උත්සාහක දිනුමත් සමගම ලකුණු සංඛ්‍යාව 28-12 ක් ලෙසින් සටහන් වය.
අවසානය පෙනි පෙනී තිබියදීත් තරගයෙන් ඉදිරියෙන් සිටීම නිසා ඉසිපතන ආරක්‍ෂක පෙළ සිටියේද තරමක් සැහැල්ලුවෙනි.
ගයාන් වික්‍රමරත්නට කහ කාඞ්පත පෙන්වීමත් ප්‍රොප් ෆෝවර්ඞ් ක්‍රීඩක ඉසුරු ඒකනායක පිටියෙන් ඉවත් කිරීමත් නිසා ඉසිපතන පිල ක්‍රීඩකයන් 13 දෙනකුට සීමා වීමෙන් ප්‍රයෝජන ගත් තෝමසුවෝ විනාඩි 10 ක් ඇතුළත ලකුණු 12 ක් ලබාගත්හ. නවීන් හේනකංකානම්ගේ සහ අශ්වන්ත හේරත් එම උත්සාහක දිනුම් ලබාගත්හ.
එහෙත් තරගය මුලදීම ලබාගත් වාසිය දිගටම රඳවාගත් ඉසිපතන ක්‍රීඩකයෝ 28-24 ක් ලෙසින් තරගය ජයගත්හ.
ඉර්ෂාඞ් කාදර් මහතා තරගය විනිශ්චය කළේය.
ඡායාරූප - විකුම් ප්‍රියදර්ශන |
ඉසිපතන - සා. තෝමස් තරගයේ උණුසුම් අවස්ථා ...
ඡායාරූප - විකුම් ප්‍රියදර්ශන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.