Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ඉසිපතන - ත්‍රිත්ව පෙරමුණ ගනිති

ඉසිපතන - ත්‍රිත්ව පෙරමුණ ගනිති

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් රග්බි සංගමය මෙහෙයවන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ පළමු වටයේ තරග අවසන් වන විට මහනුවර ත්‍රිත්ව විදුහල එකම අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටියේය.

ඉසිපතන විදුහල තරග හයෙන් පහක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 28 ක් ලබා 1 වැනි කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකරගෙන සිටියි. කොළඹ රාජකීය විදුහල තරග හයෙන් තරග පහක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 27.5 ක් ලබා දෙවැනි ස්ථානයේ ද, මරදාන ශාන්ත ජෝශප් විදුහල තරග හතරක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 26 ක් ලබා තෙවැනි ස්ථානය ද, හිමිකරගෙන සිටියි.  

පළමු කොටසේ 2 වැනි කාණ්ඩයට පාසල් හයක් පමණක් ඇතුළත්ව තිබේ. ත්‍රිත්ව විදුහල් පිල තරග පහ ජය ලබා ප්‍රසාද ලකුණු 27.5 ක් සමගින් එම කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකරගෙන සිටියි.

බොරැල්ල වෙස්ලි විදුහල තරග හතරක් ජය ලබා ප්‍රසාද ලකුණු 23.5 ක් සමගින් දෙවැනි ස්ථානයේ ද, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල තරග තුනක් ජය ලබා ප්‍රසාද ලකුණු 18.5 ක් සමගින් තෙවැනි ස්ථානයේ ද, පසු වෙයි.  

ඉසිපතන, රාජකීය, ශාන්ත ජෝශප් සහ ශාන්ත පීතර යන විදුහල් 1 වැනි කාණ්ඩයෙන් ද, ත්‍රිත්ව, වෙස්ලි, සාන්ත තෝමස් සහ සහිරා යන විදුහල් 2 වැනි කාණ්ඩයෙන් ද, කුසලාන ශූරතා වටයට සුදුසුකම් ලබා සිටියි. දෙවැනි වටයේ තරග මේ මස 28 වැනිදා ආරම්භ වීමට නියමිතය.

 

පළමු වටයේ තරග අවසානයේ ප්‍රසාද ලකුණු සටහන

‘ඒ’ කොටස - 1 වැනි කාණ්ඩය
පාසල තරග ජය පරාජ වි.තො ලැ.ල දු.ල අ.ප්‍ර. ප්‍ර.ල
ඉසිපතන 6 5 1 - 206 141 2 28
රාජකීය 6 5 1 - 175 111 1.5 27.5
ශාන්ත ජෝශප් 6 4 2 - 229 108 4 26
ශාන්ත පීතර 6 3 3 - 134 123 1.5 19.5
ශාන්ත අන්තෝනි 6 2 4 - 194 191 3.5 17.5
ධර්මරාජ 6 2 4 - 141 145 2.5 16.5
ඩී. එස්. 6 0 6 - 72 323 0 1
‘ඒ’ කොටස - 2 වැනි කාණ්ඩය
පාසල තරග ජය පරාජ වි.තො ලැ.ල දු.ල අ.ප්‍ර ප්‍ර.ල
ත්‍රිත්ව 5 5 - - 273 74 2.5 27.5
වෙස්ලි 5 4 1 - 143 123 2.5 23.5
සාන්ත තෝමස් 5 3 2 - 139 88 1.5 18.5
සහිරා  5 2 3 - 162 120 3 16
විද්‍යා 5 1 4 - 111 130 2 11
වේල්ස් කුමර 5 0 5 - 34 154 0 3
කෙටි යෙදුම්: වි.තො - විසඳුමකින් තොර, ලැ.ල - ලැබු ලකුණු, දු.ල - දුන් ලකුණු, 
අ.ප්‍ර - අතිරේක ප්‍රසාද ලකුණු, ප්‍ර.ල - ප්‍රසාද ලකුණු, සාමා. - සාමාන්‍ය

 


අදහස් (0)

ඉසිපතන - ත්‍රිත්ව පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.