Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ඔමල්ක ශ්‍රී ලංකා පිලේ නායකත්වයට

ඔමල්ක ශ්‍රී ලංකා පිලේ නායකත්වයට

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේදී පුහුණු තරග දෙකකට සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායක රොෂාන් වීරරත්න පෞද්ගලික හේතුවක් මත සංචාරයෙන් ඉවත්වී ඇති බව වාර්තා වේ.

නව නායකයා ලෙස අංක අට ක්‍රීඩක ඔමල්ක ගුණරත්න පත්කර ඇති අතර වීරරත්නගේ ස්ථානයට ගුවන් හමුදා ක්‍රීඩක නුවන් පෙරේරා ආදේශ කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (30) පෙරවරුවේ මැලේසියාව බලා පිටත්ව යෑමට නියමිත අතර ශ්‍රී ලංකා පිලේ සෙසු ක්‍රීඩකයන් හොඳ ශාරීරික යෝග්‍යතාවයෙන් පසු වන බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි.  

ශ්‍රී ලංකා පිල මැයි මස 2 සහ 4 දෙදින ක්වාලාම්පූර්හිදී තරග දෙකකට සහභාගි වන අතර එම තරග ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.00 ට පමණ ආරම්භ වීමට නියමිතය.

චීන තායිපේහිදී ලබන මැයි මස අගදී පැවැත්වෙන ආසියානු පළමු කොටසේ තරගාවලිය සඳහා පෙර පුහුණුවීමක් ලෙස මෙම තරග දෙකට සහභාගි වෙයි.

 


අදහස් (0)

ඔමල්ක ශ්‍රී ලංකා පිලේ නායකත්වයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.