Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner කාන්තාවන්ට ආසියාවේ 6 වැනි තැන

කාන්තාවන්ට ආසියාවේ 6 වැනි තැන

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොං කොං හී කොස්වේ බේ නුවර ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූ ආසියානු සත් සාමාජික රග්බි කාන්තා තරගාවලියේ පළඟ ශූරතා අවසන් තරගයේදී සිංගප්පූරුව හමුවේ ලකුණු 10-7 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තරගාවලියේ 6 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

තියුණු මුහුණුවරක් ගත් පළඟ ශූරතා අවසන් තරගයේදී ප්‍රතිවාදීන් හමුවේ දැඩි අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූවත් සිංගප්පූරුව අබිබවා යාමට ඔවුන්ට හැකිවූයේ නැත.

ශ්‍රී ලංකා කාන්තා පිල පළඟ ශූරතා අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ සෙනසුරාදා උදෑසන පැවැති පළඟ ශූරතා අවසන් පූර්ව තරගයේදී ලකුණු 26-0කින් ගුවාම් රාජ්‍ය කණ්ඩායම පරාජයට පත් කරමිනි.

එහි දි අනූෂා අත්තනායක, අයේෂා පෙරේරා, සංජු විජේතිලක සහ පී. දුලානී උත්සාහක දිනුම් වාර්තා කළ අතර නායිකා රන්දිකා කුමුදුමාලී උත්සාහක දිනුම් තුනක්ම ගෝල බවට පත්කළාය.

 


අදහස් (0)

කාන්තාවන්ට ආසියාවේ 6 වැනි තැන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.