Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධාන කළ අන්තර් සමාජ කාන්තා සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යුද හමුදා ක‍්‍රීඩිකාවෝ සමත් වූහ. නාවික හමුදා පිලට අනු ශූරතාව හිමිවිය.
මෙම තරගාවලිය කණ්ඩායම් 10 ක සහභාගිත්වයෙන් කොළඹ හැව්ලොක්ස් පිටියේදී පසුගිය ඉරිදා පැවැත්විණි.
යුද හමුදා පිලේ අයේෂා පෙරේරා තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස සම්මාන හිමිකර ගැනීමට සමත් වූවාය. ජාතික කණ්ඩායම නියෝජනය කරන ක‍්‍රීඩකයන් වැඩි සංඛ්‍යාවකින් සමන්විත වූ යුද හමුදාව සහ නාවික හමුදාව අතර විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති කුසලාන ශූරතා අවසන් මහ තරගය ඉතාමත් වේගවත් මෙන්ම තියුණු තරගයක් බවට පත්විය.
දෙවැනි මිනිත්තුවේදී යුද හමුදා ක‍්‍රීඩිකාවන් අතරින් රිංගමින් තනූජා වීරක්කොඩි සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමගින් ලකුණු 5-0 ක් ලෙස නාවික හමුදාව පෙරමුණට පැමිණියේය. යුද හමුදා පිලේ නායිකා නිල්මිණී වීරසිංහ සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමගින් ලකුණු 5-5 ක් ලෙස සම තත්ත්වයේ තිබියදී පළමු අර්ධය අවසන් විය.
දෙවැනි අර්ධයේදී නැවතත් ක‍්‍රියාත්මක වූ තනූජා වීරක්කොඩි උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු පුවරුව 10-5 ක් ලෙස නාවික හමුදාව නැවතත් පෙරමුණෙන් තැබීමට සමත් වූවාය.
යුද හමුදා පිල පළමු අර්ධයේ ප‍්‍රදර්ශනය කළ පන්දුව හුවමාරු කිරීමේ දුර්වලතාව සකස්කර ගැනීමේ ප‍්‍රතිඵලයෙන් පී. කේ. දුලානි උත්සාහක දිනුම් දෙකක් සම්පූර්ණ කිරීමට සමත් වූවාය. එහි ගෝල ප‍්‍රවර්ථනයක් රුක්‍ෂානි ආරියසේන සාර්ථක කිරීමත් සමඟ ලකුණු 17-10 ක් ලෙස යුද හමුදාව පෙරමුණ ගත්තේය.
යුද හමුදා පිලේ වේගවත්ම ක‍්‍රීඩාව වන අයේෂා පෙරේරා තරගය අවසන් වීමට ආසන්නේ තිබියදී කොඩි කණුව අසළින් උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු 22-10 ක් ලෙස තරගය අවසන් කිරීමට සමත් වූවාය.
දෙවැනි අර්ධයේ 8 වැනි මිනිත්තුවේදී පමණ නාවික හමුදා පිල ගෝල කණු අසළටම පන්දුව රැුගෙන පැමිණිය ද ඉදිරියෙන් පන්දුව මාරු කිරීම හේතුවෙන් උත්සාහක දිනුම වැලකී ගිය අතර එය සාර්ථක වූයේ නම් තරගයේ ප‍්‍රතිඵලය වෙනස්වීමට ඉඩ තිබුණි.
ජයසංඛේත ප‍්‍රදානය ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
අවසන් තරග ප‍්‍රතිඵල
කුසලාන ශූරතා තරගය
යුද හමුදා ‘ඒ’ පිල විසින් ලකුණු 22-10 කින් නාවික හමුදා ‘ඒ’ පිල පරාජය කරන ලදී.
පළඟ ශූරතා තරගය
ගුවන් හමුදා පිල විසින් ලකුණු 53-0 කින් සබරගමුව රග්බි සංගම් පිල පරාජය කරන ලදී.
බදුන ශූරතා තරගය
නාවික හමුදා ‘බී’ පිල විසින් ලකුණු 52-0 කින් නුගෙවල රග්බි සංගම් පිල පරාජය කරන ලදී.
පළිහ ශූරතා තරගය
රත්ගම රග්බි සංගම් පිල විසින් ලකුණු 20-0 කින් රත්ගම ටයිගස් පිල පරාජය කරන ලදී.
ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් යුද හමුදා පිලේ නායිකා නිල්මිණී වීරසිංහ කුසලාන ලබාගත් අවස්ථාව..
ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා අතින් අයේෂා දක්‍ෂතම ක‍්‍රීඩිකා සම්මාන ලබමින්..
ඡායාරූප: ඒෂාන් ප‍්‍රනාන්දු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.