Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක‍්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලවරණය කැඳවුයේ කුමන හේතුවක් නිසා ද යැයි ජූලි මස 10 වැනිදාට පෙර කරුණු දක්වන ලෙස අන්ත්ර්ජාතික රග්බි සංගමය ක‍්‍රීඩා අමාත්‍යවරයාට ලිඛිතව දැනුම්දී තිබේ. අන්ත්ර්ජාතික රග්බි සංගමය මේ මස 19 වැනිදා කී‍්‍රඩා ඇමතිවරයාට යොමු කර ඇති ලිපියෙන් රග්බි සංගමයේ පරිපාලනයට නිසි බලධාරියකු පත්කිරීම පිළිබඳව ප‍්‍රශ්න කර තිබේ.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලවරණය පසුගිය මැයි මස 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණ ද, එයට ඉදිරිපත්ව සිටි නිලධාරීන් නව ක‍්‍රීඩා පනතේ පුද්ගලයකුට තනතුරු දැරිය හැක්කේ වසර හතරක් පමණක් බවට ඇති නීතිය ඉක්මවා යන බැවින් ක‍්‍රීඩා ඇමතිවරයා නිලවරණය අත්හිටුවීය.
අනතුරු ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් රග්බි සංගමය ඇතුළු ක‍්‍රීඩා සංගම් 18 ක නිලවරණ කැදවීමට කටයුතු කළ අතර එම සංගම්වල පරිපාලනයට නිසිබලධාරීන් පත් කරන ලදි.
අන්තර්ජාතික රග්බි සංගමයේ නීති රීතිවලට අනුව ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරීන් පත්නොවුණහොත් ශී‍්‍ර ලංකාරග්බි සංගමය අන්ත්ජාතික සංගමයට ඇති නියෝජනය තහනම් කිරීමට සිදුවන බවට එම ලිපියේ සඳහන්ව ඇති බව වාර්තා වේ.
ගාමිණි ලොකුගේ මහතා ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී 2009 වසරේ රග්බි අතුරු කමිටුවක් පත්කළ බවත් ඒ හේතුවෙන් තහනමක් පැනවීමට සිදුවූ බවත් එම ලිපියේ සඳහන්ව ඇති බව වාර්තා වේ. අන්තර්ජාතික රග්බි සංගමයේ ලියාපදිංචි කර ඇති ශ්‍රී ලංකා රග්බි සංගමයේ ව්‍යවස්ථාවට අනුව නැවත නිලධාරී මණ්ඩලය පත්වීමෙන් පසුව එම තහනම ඉවත් කළ බව එහි සඳහන්ව තිබේ.
අන්තර්ජාතික රග්බි සංගමයේ නීති සංග‍්‍රහයේ 10 ඊ වගන්තිය උල්ලංඝණය කරන්නේ නම් ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය නිරායාසයෙන්ම අහිමිවන බවද එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වන බව වාර්තා වේ.
මේ පිළිබඳව කළ විමසුමකදී ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසුවේ නිලවරණය පිළිබඳව කරුණු දක්වන ලෙස අන්තර්ජාතික රග්බි සංගමය තමන්ට ලිඛිතව දන්වා ඇති බවයි.
”ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි. අපි අපේ නීතිය අනුව කටයුතු කරනවා. ජාත්‍යන්තර සංගම්වල නීති තියෙන්න පුළුවන් නමුත් මම ක‍්‍රියාත්මක කරන්නේ අපේ ක‍්‍රීඩා නීතියයි” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
නව ක‍්‍රීඩා නීතිය යටතේ පැවැත්වූ මලල ක‍්‍රීඩා සහ ජල ක‍්‍රීඩා සංගම්වල නිලධාරීන් ඒවායේ අත්ර්ජාතික සංගම් ප‍්‍රතික්‍ෂේප කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.