Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද (21 වැනිදා) රාත්‍රියේ කොරියාව බලා පිටත්ව යයි. ආසියානු සත් සාමාජික තරගාවලියේ දෙවැනි අදියර වන මෙම තරගාවලිය මේ මස 24 සහ 25 දිනවල දකුණු කොරියාවේ නැම්ඩොංන්ග් ක්‍රීඩාංගණයේදී පැවත්වේ.
ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිලේ නිත්‍ය නායක සුදර්ශන මුතුතන්ත්‍රීගේ ආබාධය තවමත් සුව අතට හැරී නොමැති බැවින් මේ තරගාවලියේදිත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ධනුෂ්ක රන්ජන්ට පැවරී තිබේ.
හොං කොං නුවර පැවැති පළමු අදියරේ තරගාවලියේදී ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාව කුසලාන වටයේ අවසන් මහා තරගයට රැගෙන ගිය ධනුෂ්ක රන්ජන්ට මෙවර දකුණු කොරියානු අදියරේ තරගාවලියට සහභාගි වන්නේ සිය කණ්ඩායමට අලුතින් එක්වූ ක්‍රීඩකයන් තිදෙනකුද සමගිනි.
හොං කොං තරගාවලියට එක්වූ ජේසන් දිසානායක සහ යොවුන් ක්‍රීඩක කෙවින් ඩික්සන් ආබාධවලට ලක්වී සිටින අතර ප්‍රබල ක්‍රීඩක දිනූෂ චතුරංග පෞද්ගලික හේතුවක් මත තරගාවලියට සහභාගි නොවේ. එහෙත් පළපුරුදු මෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ශ්‍රීනාත් සුරියබණ්ඩාර සමග කාංචන රාමනායක සහ රිචඞ් ධර්මපාල කණ්ඩායමට එක්වී සිටිති.
දකුණු කොරියානු තරගාවලියේදී ශ්‍රී ලංකාව ‘බී‘ කාණ්ඩයෙන් තරග වදින අතර චීනය, සිංගප්පූරුව සහ මැලේසියාව ද ඊට ඇතුලත් වෙති. පසුගිය තරගාවලියේ ශූරයන් වූ හොංකොං පිල සමග ජපානය, සත්කාරක දකුණු කොරියාව සහ චීන තායිපේ මෙවර ‘ඒ‘ කාණ්ඩයට එක්වී සිටිති.
“අපේ මූලික ඉලක්කය කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමයි. ඊට පස්සේ එන විදිහකට මුහුණ දෙනවා”
“කොහොම වුණත් අපේ අවසන් ඉලක්කය කුසලාන අවසන් මහ තරගයයි” යයි ධනුෂ්ක රන්ජන් පැවසීය.
සෙනසුරාදා (24 වැනිදා) දහවල් 12.28 ට සිංගප්පූරුවට එරෙහිව තරග කරන ශ්‍රී ලංකා කණ්ඩායම එදිනම පස්වරු 3.24 ට මලයාසියාව සමග තරග වදී. පස්වරු 6.42 ට ශ්‍රී ලංකාව සහ චීනය අතර තරගය පැවැත්වේ. තරගාවලියේ දෙවැනි අදියරේ තරග ඉරිදා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම
ධනුෂ්ක රන්ජන් (නායක), දනූෂ දයාන්. රිචඞ් ධර්මපාල, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, කවිඳු පෙරේරා, ඕමල්ක ගුණරත්න, කාංචන රාමනායක, දුලාජ් පෙරේරා, සාලිය හඳපාන්ගොඩ, තරිඳු රත්වත්තේ, සශාන් මොහොමඞ් සහ හිරන්ත පෙරේරා.
පුහුණුකරු - මැතිව් ටර්නර්
සහය පුහුණුකරු - රජීව් පෙරේරා
කළමනාකරු - රොහාන් චින්තක
භෞත චිකිත්සක - අමිත් ජයසේකර
අභ්‍යාසක - නිකලස් ගෲබ්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.