Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ගුවන් හමුදාව අවසන් මහ තරගයට

ගුවන් හමුදාව අවසන් මහ තරගයට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ ‘ක්ලිෆර්ඞ්’ කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ගුවන් හමුදා ක්‍රීඩකයෝ අද (19) සමත් වූහ. ලීග් තරගාවලියේ අවසන් ස්ථානයට පත්වූ ගුවන් හමුදා පිල අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම මෙහිදී කැපී පෙනේ. මහනුවර පිල තරගාවලියෙන් ඉවත්වීම නිසා ගුවන් හමුදා පිලට නිතරග ජයක් හිමිවීමෙන් අවසන් පූර්ව තරගයට පැමිණියේය.  

කොළඹ පැරණි තුරඟ තරග පිටියේ අද පස්වරුවේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ගුවන් හමුදා පිල ලකුණු 32-23 කින් පොලිස් පිල පරාජය කළේය.

ගුවන් හමුදා පිල තරග ආරම්භයේ සිටම ග්‍රහණයට නතුකරගත් අතර ගුවන් හමුදාව පළමු අර්ධය අවසන් වන විට ලකුණු 13-10 ක් ලෙස පෙරමුණේ පසුවිය.

සාරක වැරැල්ල, නුවන් පෙරේරා, ඉෂාර මධුෂාන් සහ පරාක්‍රම රත්නායක උත්සාහක දිනුම බැගින් ගුවන් හමුදා පිලට එකතු කිරීමට සමත් වූහ. චරිත් සෙනෙවිරත්න ගෝල ප්‍රවර්ථන තුනක් සහ දඩුවම් පහර දෙකක් සාර්ථක කරමින් ලකුණු 12 ක් එකතු කළේය.

පොලිස් පිලට ජනිත් චන්දිමාල්, විහඟ පිවිතුරු සහ උදය සංජුල උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ. ජනිත් චන්දිමාල් දඩුවම් පහර දෙකක් ද, විහඟ පිවිතුරු ගෝල ප්‍රවර්ථනය ද, සාර්ථක කළහ.   

(පුස්තකාල ඡායාරූපයකි - චතුර එස්. කොඩිකාර)


අදහස් (0)

ගුවන් හමුදාව අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.