Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ජනාධිපති කුසලාන රග්බි තරග 9දා සිට

ජනාධිපති කුසලාන රග්බි තරග 9දා සිට

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලිය හෙට (9 වැනිදා) ආරම්භ වේ.


මෙම තරගාවලියට සමගාමීව ‘අගමැති කුසලාන’ සහ ‘සභාපති කුසලාන’ රග්බි තරගාවලිය දෙක මෙවර ද පැවැත්වේ.

තරගාවලියේ සියලුම තරග කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙවර ‘ජනාධිපති කුසලාන’ තරගාවවලියට වෙස්ලි, මරදාන ශාන්ත ජෝශප්, මහනුවර ත්‍රිත්ව, බම්බලපිටිය ශාන්ත පීතර, ඉසිපතන, කටුගස්තොට ශාන්ත අන්තෝනි සහ මහනුවර ධර්මරාජ යන විදුහල් සහභාගි වෙයි.

මෙවර ලීග් ශූරයන් වන කොළඹ රාජකීය විදුහල තරගාවලියෙන් ඉවත්ව සිටියි. මේ හේතුවෙන් මහනුවර ධර්මරාජ විදුහලට නිතරග ජයක් හිමිවිය.

ජනාධිපති කුසලාන තරගාවලිය ආරම්භ කරමින් වෙස්ලි විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර තරගය 9 වැනිදා පැවැත්වේ.  

අවසන් පූර්ව තරග මේ මස 17 වැනිදා සහ 18 වැනිදා ද, අවසන් මහ තරගය මේ මස 24 වැනිදා ද, පැවැත්වීමට නියමිතය.  

මෙවර තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ පාසල් ක්‍රීඩාවේ දියුව සඳහා අනාගත ආයෝජනයක් ලෙස පුහුණුකරුවන් 3850 ක් බඳවා ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

“පුහුණුකරුවන් බඳවා ගැනීමට කැබ්නට් අනුමැතිය ලැබුණා. මේ වන විට එය ගැසට් කරන්න යවලා තියෙන්නේ. ඒ වගේම සියලුම ක්‍රීඩා පාසල්වලට කායවර්ධන මධ්‍යස්ථානයක් සමඟ සියලුම පහසුකම් ලබාදීමට පියවර ගන්නවා” යැයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

නෙස්ලේ ලංකා සමාගමේ ‘මයිලෝ’ මෙම වසර වන විට වසර 25 ක කාලයක් පාසල් රග්බි තරගාවලි සඳහා අනුග්‍රහය පිරිනමා තිබේ. මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම්වල නායකයෝ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ එක්ව කේක් ගෙඩියක් කපා විසිපස් වසරක අනුග්‍රහය සැමරූහ.


  තරග කාලසටහන (පස්වරු 4.30) - ජනාධිපති කුසලාන

● ජූනි 9 - වෙස්ලි විදුහල සහ ශාන්ත ජෝශප් විදුහල අතර
● ජූනි 10 - මහනුවර ත්‍රිත්ව විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර
● ජූනි 11 - ඉසිපතන විදුහල සහ ශාන්ත අන්තෝනි විදුහල අතර
● ජූනි 17 සහ 18 - අවසන් පූර්ව තරග
● ජූනි 24 - අවසන් මහ තරගය


තරග කාලසටහන (පස්වරු 2.00) - අගමැති කුසලාන

● ජූනි 10 - තර්ස්ටන් විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටන් විදුහල අතර
● ජූනි 11 - ශාන්ත බෙනඩික් විදුහල සහ ගාල්ල රිච්මන්ඩ් විදුහල අතර
● ජූනි 12 - මලියදේව විදුහල සහ ගාල්ල ශා. ඇලෝසියස් විදුහල අතර
● ජූනි 12 - ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර තරගය පස්වරු 4.15 ට
● ජූනි 17 සහ 18 - අවසන් පූර්ව තරග
● ජූනි 23 - අවසන් මහ තරගය


තරග කාලසටහන (පෙරවරු 10.00) - සභාපති කුසලාන

● ජූනි 9 - කුරුණෑගල ශා. ආනා විදුහල සහ ගාල්ල විද්‍යාලෝක විදුහල අතර
● ජූනි 10 - පානදුර රාජකීය විදුහල සහ මොරටු මහ විදුහල අතර
● ජූනි 11 - තල්දූව බෞද්ධ විදුහල සහ නුගෙවල මැදි මහ විදුහල අතර
● ජූනි 12 - කේරි විදුහල සහ මහනුවර ශ්‍රී රාහුල විදුහල අතර
● ජූනි 17 සහ 18 - අවසන් පූර්ව තරග
● ජූනි 23 - අවසන් මහ තරගය

 

‘නෙස්ලේ’ ලංකා සමාගමේ උප සභාපතිවරු වන නෝමන් කන්නංගර සහ බන්දුල එගොඩගේ යන මහත්වරු විසින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ පාසල් රග්බි සංගමයේ සභපති බී. ඒ. අබේරත්න යන මහත්වරුන්ට අනුග්‍රහයක චෙක්පත නිල වශයෙන් පිරිනමන ලද අවස්ථාව.
(ඡායාරූප: ප්‍රදීප් පතිරණ)

 


අදහස් (0)

ජනාධිපති කුසලාන රග්බි තරග 9දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.